spot_img
spot_imgspot_img

කොරෝනා රැල්ලකින් රට බේරාගැනීමට, සංචාරකයන්ට නීති දමයි

පුවත්

විදෙස්

ලෝකයේ රටවල් ගණනාවක යළි කොරෝනා රැල්ලක් ඇතිවී තිබෙන බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා කොරෝනා රෙගුලාසි නැවත හඳුන්වාදීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය දෙසැම්බර් 06 වැනි දා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය නීති සම්බන්ධයෙන් නිකුත්කරන ලද චක්‍රලේඛය සැළකිල්ලට ගනිමිනි.

මෙම චක්‍රලේඛය තවදුරටත් වලංගු බවත්, ඉන් පරිබාහිර කිසිම දෙයක් නොකළ යුතු බවටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන අද (14) මාධ්‍ය හමුවක දී කීවේය. කොරෝනා රැල්ලක් නැවත ශ්‍රී ලංකාවේ ඇතිවීම වැළැක්වීමටනම් මෙම ක්‍රියාමාර්ග අනිවාර්යයෙන් ම ගත යුතු බව හෙතෙම අවධාරණය කරයි.

ඒ අනුව පැමිණෙන සියලු සංචාරකයන් කොරෝනා මර්ධන එන්නත ලබාගත් කාඩ්පත ඉදිරිපත් කළ යුතුය. කොරෝනා එන්නත ලබානොගත් සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ නම් පැය 72කට පෙර ලබාගත් පීසීආර් වාර්තාවකින් තමන් කොරෝනා ආසාදිතයකු නොවන බව තහවුරු කළ යුතුය.

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයන් සඳහා මෙම නීති වලංගු වන බවත් කොරෝනා වසංගතය යළි ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැළකිලිමත් වන බවත් සංචාරක අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!