කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 21,839 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,835ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 12ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,367ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 604
- සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 236
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 129
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 36
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 08
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට් සමාගම 28%
- රේජියන්ට් ජෙම්ස් සමාගම 19%
- බෝගල ග්‍රැෆයිට් සමාගම 16%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 16.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 335
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 187
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 178
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 63ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 47ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 16ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ඇග්ස්ටාර් පොහොර සමාගම රුපියල් මිලියන 32
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 04
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 15
- ලංකා ටයිල්ස් සමාගම රුපියල් මිලියන 04
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ