spot_img
spot_imgspot_img

“හොරකම් හොයන්න එපා” යැයි කුරුණෑගල නගරාධිපතිගේ ඉල්ලීම ඉවතට

පුවත්

විදෙස්

මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇතැයි කියමින් තමන්ට එරෙහිව පැවැත්වීමට යන පරීක්ෂණ නවත්වන ලෙස නියෝගයක් නිකුත්කරන්න යැයි කුරුණෑගල නගරාධිපති තුෂාර සංජය විතනගේ විසින් ගොනුකරන ලද ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය අද (10) නිෂ්ප්‍රභ කළේය.

ප්‍රසන්න ද සිල්වා සහ කේමා ස්වර්ණාධිපති යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙය සළකා බැලිණි.

පරීක්ෂණයක් පැවැත්වෙන අතරතුර එය අභියෝගයට ලක්කළ නොහැකි බව කියමින් පරීක්ෂණ සිදුකිරීමෙන් පසු අවශ්‍යනම් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක්කරන ලෙස විනිසුරු මඬුල්ල පෙත්සම්කරුට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක විසින් මේ පෙත්සම සම්බන්ධ මූලික විරෝධතාවක් ඉදිරිපත් කරන ලදී.

කුරුණෑගල නගරාධිපතිවරයා පෙත්සම ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ තමන් ප්‍රසම්පාදන මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇතැයි චෝදනා කරමින් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධාන්තවයෙන් පරීක්ෂණක් ආරම්භ කර ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති බවයි. මේ පරීක්ෂණයට ‍එරෙහිව කුරුණෑගල මහාධිකරණය වෙත තමන් පෙත්සමක් ඉදිරිපත් කළ ද දැනට පැවැත්වෙන පරීක්ෂණයක් සම්බන්ධයෙන් නියෝගයක් ලබාදිය නොහැකියැයි යන පදනම යටතේ එය නිෂ්ප්‍රභ කර ඇති බැවින් තමන් අගතියට පත්වූ බවයිි. එලෙස අගතියට පත්වීම හේතුවෙන් මහාධිකරණ නියෝගය බල රහිත කර තමාට එරෙහිව ඇති පරීක්ෂණ අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්න යැයි අභියාචනාධිකරණයට මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබිණි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!