spot_img
spot_imgspot_img

අදටත් අපට සිහිනයක් වූ උමං දුම්රිය ධාවනයට එක්වී වසර 160යි

පුවත්

විදෙස්

ලොව ප්‍රථම උමං දුම්රිය වූ මෙට්‍රො‍පොලිටන් දුම්රිය ලන්ඩන් නගරයේ සේවයට එක්කර අද (ජනවාරි 10) වසර 160ක් සම්පූර්ණ වෙයි.

ලන්ඩනයේ සිට වයඹ දෙසින් පිහිටි මිඩ්ල්සෙක්ස් දක්වා මෙම දුම්රිය වසර 70ක කාලයක් එනම් 1933 දක්වා ධාවනය කර ඇත. මෙය ලොව ප්‍රථම මගීන් ගෙන යා හැකි භූගත දුම්රිය ලෙස විවෘත ධාවනයට එක්කරන ලද්දේ වාෂ්ප එන්ජින් සහ ලීවලින් සකසන ලද මැදිරි සහිතවය. මේ මැදිරිවල ගෑස් ලාම්පු සවිකර තිබී ඇත.

මෙම උමං දුම්රිය මාර්ගය ඉතාමත් ඉක්මණින් තවත් දීර්ඝ කෙරිණි. 1864 දී හැමර්ස්මිත් වෙත ද, 1877 දී රිච්මන්ඩ් වෙත ද, 1880 දී හැරෝ වෙත ද, ඒ අනුව 1884 දී ලන්ඩන් නගරයේ අභ්‍යන්තර කවයක මෙම දුම්රිය ධාවන කෙරිණි. පසුව බකිංහැම් ආදිපාදවරයාගේ මූල්‍ය අනුග්‍රහයෙන් බකිංහැම්ෂයර් හි වර්නි මංසන්ධිය දක්වා උමං දුම්රිය මාර්ගය පුළුල් කෙරිණි.

දුම්රිය සඳහා විදුලිය 1905 දී හඳුන්වා දෙන ලද අතර 1907 වනවිට තවත් බොහෝ සේවාවන් ක්‍රියාත්මක කළ මෙම දුම්රිය සමාගම නිවාස සහ ඉඩම් පවා සංවර්ධනය කරන ලදී. පළමු ලෝක යුද්ධයෙන් පසු මෙට්‍රෝ ලෑන්ඩ් යන සන්නාමය භාවිතා කරමින් දුම්රිය මාර්ග අසළ නිවාස සහ වතුයාය සංවර්ධන කෙරිණි. පසුව 1933 ජූලි 01 වැනි දා ලන්ඩන් නගරයේ මගී ප්‍රවාහන මණ්ඩලය පිහිටුවීම සඳහා මෙට් ලන්ඩනයේ භූගත විදුලි දුම්රිය සමාගම සහ ට්‍රෑම් රථ සහ බස් රථ ක්‍රියාකරුවන් ඒකාබද්ධ සේවාවක් ආරම්භ කරන ලදී.

එදා මෙට්‍රෝ දුම්රිය ධාවනය කරන ලද භූගත මෙට්‍රෝපොලිටන් දුම්රිය කවයේ තිබූ පීලි සහ දුම්රිය ස්ථාන,

19 වැනි සියවසේ මුල් භාගය වනවිට ලන්ඩන් නගරයේ ජනගහනය විශාල වශයෙන් වර්ධනය විය. වැඩිවන ජනගහනයට නේවාසික ප්‍රදේශ ඉදිකිරීම ද ගැටලුවක් වී තිබිණි. සෑඹ දිනකම දුම්රියෙන් නගරයට පැමිණෙන සංඛ්‍යාව වර්ධනය වූ අතර විශාල රථවාහන තදබදයක් ද දක්නට ලැබණි. විශාල කරත්ත, ඔම්නිබස් විශාල වශයෙන් මාර්ගවල ගමන්කරන්නට විය. දිනකට පුද්ගලයන් 200,000ක් පමණ ලන්ඩන් නගරයට ඇතුළු විය. එංගලන්තයේ ව්‍යාපාරික හදවත වූ ලන්ඩන් නගරය සෑම දිනකම පයින් ගමන් කරන්නන්ගෙන් ද පිරී ඉතිරී යන්නට විය. මේ අයගේ ප්‍රයෝජනය පිණිස ලන්ඩන් නගරයේ දුම්රියස්ථාන හතක් තිබිණි. තදබදයෙන් පිරුණු වීදි සහ දුම්රිය ස්ථානවල සිට උතුරට සහ බටහිරට ඇති දුර නිසා නගරයට නව දුම්රිය මාර්ග ඉදිකිරීමට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කෙරිණි.

මේ නගරයේ  ප්‍රධාන ප්‍රදේශ එකිනෙක සම්බන්ධ කරන භූගත දුම්රියක් මාර්ගයක් ඉදිකිරීමට යෝජනා කරන ලද්දේ 1830 වර්ෂවල දී ය. එවකට නගරයේ සොලිස්ටර්වරයා ලෙස සිටි චාල්ස් පියර්සන් මේ යෝජනාව කර ඇත. 1852 නොවැම්බර් මාසයේ දී මේ සම්බන්ධ පනතක් ප්‍රකාශයට පත් කරන ලදී. 1853 මැද භාගයේදී “උතුරු මෙට්‍රොපොලිටන් දුම්රිය” නමින් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත්තේය. 

චාල්ස් පියර්සන්

චාල්ස් පියර්සන්ගේ සිහිනය ඉදිවෙමින් තිබිය දී එහි අවසානය දැකීමට පෙර ඔහු 1862 සැප්තැම්බර් මාසයේ දී මියගියේය.

1863 ජනවාරි 9 වන දින විවෘත කිරීමට පෙර දින අවසන් අත්හදා බැලීම ද සිදුකෙරිණි. එදින රාත්‍රී 600ක් වූ අමුත්තන් සඳහා භෝජන සංග්‍රහයක් ද පවත්වා ඇත සැතපුම් 3.75ක් දිගැති මේ භූගත දුම්රිය මාර්ගය 1863 ජනවාරි 10 දින විවෘත කරන ලදී,  ආරම්භක දිනයේ මගීන් 38,000ක් රැගෙන යන ගමන සාර්ථක විය. පළමු මාස ​​12 තුළ මගීන් ලක්ෂ 95ක් ප්‍රවාහනය කර තිබිණි. දෙවැනි මාස 12 දී මේ දුම්රිය භාවිතා කර තිබූ මගීන් සංඛ්‍යාව ලක්ෂ 120කි.

එවකට ධාවනය කරන ලද දුම්රිය මැදිරියක් දැන් සංරක්ෂණය කර ඇති ආකාරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!