spot_img
spot_imgspot_img

“ඇමති මණ්ඩලය කියන දේ කරන්න අපි බැඳී නෑ” – ජනක රත්නායක කියයි

පුවත්

විදෙස්

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති පරිදි විදුලි බිල වැඩිකළ නොහැකියැයි ද අමාත්‍ය මණ්ඩලය කියන දේ කොමිසමට වැදගත් නොවන බව ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (10) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කීවේය.

ඔහු පවසන්නේ ජනවාරි 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇතත් එලෙස අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කළ නොහැකි බව ද හෙතෙම පවසයි.

විදුලි ගාස්තු සංශෝධනය සඳහා සාමාන්‍යයෙන් දින 45ත් 50ත් අතර කාලයක් ගතවන බැවින් පෙබරවාරි මස 15 වැනි දා ට පෙර එය කළ නොහැකි බවත් රත්නායක කීවේය.

එමෙන්ම සභාපතිවරයා පවසන්නේ අදාල පාර්ශව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගාස්තු වැඩ කළ යුතුයැයි මහජන උපයෝගීතා කොමිසම තීරණය කරන්නේ නම් එය සිදුකරන බවයි. අමාත්‍ය මණ්ඩලයේ තීරණ කොමිසමට අදාල නොවන බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!