spot_img
spot_imgspot_img

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එකතුකරපු මුදල් ආපසු ගෙවන්න යැයි නියෝගයක්

පුවත්

විදෙස්

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ උසස් පෙළට ඇතුළත්වන සිසු සිසුවියන්ගෙන් නීති විරෝධීව එකතුකරන ලද මුදල් ලබන 12 වැනි දා ට පෙර නිවෙස්වලට ගොස් වහාම ආපසු දෙන්න යැයි අධ්‍යාපන ලෙකම්වරයා විසින් විදුහල්පතිනි සනෝජා ජයවික්‍රමට නියෝග කර තිබේ.

ඒ අනුව හෙට උදෑසන සිට අංශ භාර ගුරුවරුන් කිහිප දෙනකු විසින් එම සිසු සිසුවියන්ගේ නිවෙස් සොයාගෙන ගොස් අදාළ මුදල ආපසු ලබාදීමට කටයුතු යොදා තිබේ.

අද (10) දහවල් දෙමාපියන්, ආදි සිසුන් සහ පාසලට සම්බන්ධ පිරිසක් විද්‍යාලයට කැඳවා රැස්වීමක් පැවැත්වූ විදුහල්පතිනිය  මෙම මුදල් ගැරීමේ සිද්ධිය හෙළිදරව් කළ rata.lk වෙබ් අඩවිය ඇතුළු අනෙක් මාධ්‍යවලට දෙස් දෙවොල් තැබුවාය.

මෙවැනි නීති විරෝධී මුදල් එකතුකිරීමක් පිළිබඳ දැනගත් විට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා කළ යුත්තේ එම මුදල් එකතුකිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා අදාල විදුහල්පතිනියට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමයි. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ සිද්ධිය මාධ්‍යයෙන් හෙළිදරව් කර ඇති බැවින් ඉන් බේරීම සඳහා මුදල් ආපසු ගෙවීමට කටයුතු කරන ලෙස විදුහල්පතිනියට උපදෙස් දීම ද නීති විරෝධීය.

ලේකම්වරයා සිදුකරන්නේ වැරදි කරුවන් ආරක්ෂා කරගැනීම මිස පාසල්වල මුදල් එකතුකිරීම නැවැත්වීම නොවේ.

මෙම මුදල් එකතුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අප සතුව සියලු ලිපි ලේඛන ඇත. මෙලෙස මුදල් රැස්කරන තවත් විදුහල් සහ විදුහල්පතිවරු ඇත්නම් rata.lk වෙබ් අඩවියට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින අතර ඔබගේ අනන්‍යතාව ආරක්ෂා කරමින් ඒ පිළිබඳ හෙළිදරව් කිරීමට අපි කටයුතු කරන බව ද දන්වා සිටිමු.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මුදල් එකතුකිරීම පිළිබඳ අප පළකරන ලද ලිපිය මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!