spot_img
spot_imgspot_img

සියලු ඉන්ධන වර්ග රුපියල් 25කින් ඉහළට ?

පුවත්

විදෙස්

සෑම වර්ගයක ම තෙල් ලීටරයක් රුපියල් 25.00කින් ඉහළ දැමීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරියකු කියා සිටියේ සෑම වර්ගයක ම ඉන්ධන ලීටරයකට නිෂ්පාදන බද්ධක් ලෙස රුපියල් 25.00ක මුදලක් එකතුකිරීමට සිදුවීම හේතුවෙන් මෙලස තෙල් මිල ඉහළ දැමීමට සිදුවනු ඇත.

ඔක්‍ටේන් 92 සහ 95 පෙට්‍රල් ලීටරයක් සඳහා මෙතෙක් රුපියල් 27.00ක නිෂ්පාදන බද්දක් අය කෙරිණි. මෙම නව බදු මුදල එකතුකිරීමත් සමඟ පෙට්‍රල් සඳහා නිෂ්පාදන බද්ද රුපියන් 52.00ක් වනු ඇත.

ලංකා සුදු ඩීසල් ලීටරයක් සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 6.00ක් ලෙස පැවති අතර එය ඉදිරියේ දී රුපියල් 31.00දක්වා ඉහළ යනු ඇත. සුපිරි ඩීසල් ලීටරයක් සඳහා බද්ද රුපියල් 13.00ක් ලෙස තිබූ නිෂ්පාදන බද්ධ ඉදිරියේ දී රුපියල් 38.00ක් දක්වා ඉහළ යාමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!