spot_img
spot_imgspot_img

ඛනිජ තෙල් – ශ්‍රී ලංකන් සේවකයෝ කෝටි ගණන් බෝනස් ගනී. වැඩි වූ තෙල් මිලෙන් මඩිය තරවෙලා

පුවත්

විදෙස්

පාඩු ලබන සංස්ථා සහ මණ්ඩලවල සේවක සේවිකාවන් බෝනස් ගෙවීමෙන් වළකින්න යැයි මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබිය දී එම නියෝග නොතකා බෝනස් ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරුන්ගෙන් ජනාධිපතිවරයා නිදහසට කරුණු විමසා ඇත.

පාඩු ලබන ආයතනයක් වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි සේවකයන්ට මාස දෙකක වැටුප් බෝනස් ලෙස ගෙවා තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය සෑම සේවකයකුට ම බෝනස් ලෙස රුපියල් ලක්ෂයක් ගෙවා ඇත.

ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් මේ විට තෙල් සංස්ථාව ලාභ ලබන බව පෙන්වමින් එහි සේවකයන්ට බෝනස් ගෙවා ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතට ලැබුණු වාර්තාවක දැක්වෙයි. තෙල් සංස්ථාව ලාභ ලබන බව පෙන්වා ඇත්තේ එම සංස්ථාව ගෙවීමට ඇති ණය මුදල් ඇතුළත් නොකරමිනි. බෝනස් ගෙවීම සදහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් කෝටි 120ක් වැය කර ඇති බව ද එම වාර්තාවේ දැක්වෙයි. බෝනස් ලෙස මාස දෙකක වැටුප් ලැබූ ඛනිජ තෙල් සේවක සංඛ්‍යාව ආසන්න වශයෙන් 4,200කි.

ඛනිජ තෙල් සංස්ථාවේ රුපියල් 500,000.00ක මාසික වැටුප් ලබන නිලධාරීන් ද සිටින අතර එවන් අයකුට බෝනස් ලෙස රුපියල් ලක්ෂ 10ක මුදලක් හිමිවෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිටින සේවක සේවිකාවන් සංඛ්‍යාව 5,800කි. ඔවුන්ට බෝනස් ගෙවා ඇත්තේ 2022 වර්ෂයේ 13 වැනි මාසයේ වැටුප් ලෙස සඳහන් කරමිනි. එක් අයකුට රුපියල් 100,000.00 බැගින් ගෙවා ඇති බව ද ජනාධිපතිවරයාට ලැබුණු වාර්තාවේ සඳහන් වෙයි. එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පාදක කරගනිමින් 13 වැනි මාසය ලෙස දක්වා දීමනා ගෙවීම අනුමත කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!