spot_img
spot_imgspot_img

බල්ලෙකුගේ කතාවක් කරළියට ගෙනා කාන්තාව අපේක්ෂිත ඇප ඉල්ලයි

පුවත්

විදෙස්

ආශු මාරසිංහ සමඟ එකට ජීවත් වූ කාලයේ දී ඔහු තම සුරතල් බල්ලා අපයෝජනය කළේයැයි චෝදනා කළ කාන්තාව අධිකරණයෙන් අපේක්ෂිත ඇප ඉල්ලා සිටියාය.

කරදන ගමරාළලාගේ වගීෂා ආදර්ශා නමැති එම කාන්තාවගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට සහ එහි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලබන 10 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (03) සිතාසි නිකුත් කළේය.

ආශු මාරසිංහ විසින් පසුගිය නොවැම්බර් මස 24 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් අපේක්ෂිත ඇප ඉල්ලා තිබිණි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ එහි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ඉදිරිපත් කර තිබූ මෙම අපෙක්ෂිත ඇප ඉල්ලීම, කරදන ගමරාළලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය වෙනුවෙන් නිතීඥ සුදත් වික්‍රමරත්න මහතා විසින් අධිකරණය හමුවේ ගොනුකරනු ලැබ තිබිණී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!