spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකා ‍ටෙලිකොම් සමාගම, තොරතුරු අයිතිය අහිමි කරයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සේවා සැපයීමේ දී පිවිසිය නොහැකි ලෙස හෝ පිවිසීමට බාධා සිදුවන ආකාරයෙන් අවහිර කර ඇති වෙබ් අඩවි, ඩොමේන් නාම, IP ලිපින, ඊමේල් සහ වෙනත් අයිතම පිළිබඳ තොරතුරු ලබාදීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එලෙස තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සඳහා නිශ්චිත හේතුවක් ද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් දක්වා නොමැති වීම ද විශේෂත්වයකි.

2016 අංක 12 දරණ තොරතුරු පනතට අනුව මෙම ලේඛකයා විසින් පසුගිය නොවැම්බර් මස 02 වැනි දින  අදාල විස්තර කරුණු කිහිපයක් යටතේ ඉල්ලා සිටින ලද්දේ එම ආයතනයේ තොරතුරු නිලධාරී ජයනී වර්ණකුලසූරිය වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරමිනි.

එහි දී අවහිර කර ඇති අයිතමයේ වර්ගය, වෙබ් ලිපිනය හෝ ඩොමේන් නාමය, අවහිර කළ හෝ බාධා පැමිණ වූ දිනය, අවහිරයේ බාධා කිරීමේ ස්වභාවය, අවහිර කිරීමට බාධා පැමිණවීමට හේතුව, එසේ අවහිර කිරීමට හෝ බාධා කරන ලෙස නියෝග කළ හෝ තීරණය කළ හෝ ආයතනය සහ බලය ලත් තැනැත්තා කවුරුන්ද යන වග ඉල්ලා සිටින ලදී.

එයට පිළිතුරු වශයෙන් තොරතුරු නිලධාරී ජයනි වර්ණකුලසූරිය අමුතුම ආකාරයේ පිළිතුරු ලිපියක් එවා තිබිණි. SLT/RTI/2022/16 අංකය යටතේ නොවැම්බර් 24 දිනැතිව එවා තිබූ පිළිතුරු ලිපියේ දක්වා ඇත්තේ එම තොරතුරු මෙම ලේඛකයා වෙත විදුලි සංදේශ නියාමන කොමිසම මගින් ලබාදුන් බවට ඔවුන් දැනුම්වත් කර ඇති බැවින් තොරතුරු ලබා නොදෙන බවයි.

මෙය පිළිගත හැකි හේතුවක් නොවන බැවින් එදින ම (2022-11-24) නම්කළ නිලධාරී ශ්‍රී ලංකා ටෙලි‍කොම් පී.එල්.සී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ වෙත අභියාචනයක් යොමුකරන ලදී. එම අභියාචනයට පිළිතුරු 2022-12-22 දින ලැබී ති‍බේ.

නම් කළ නිලධාරීවරයා ද සිය SLT/RTI/2022/16-2022 A21 අභියාචනා අංක දරණ ලිපිය මගින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත. ‍

නමුත් ගැටලුව වන්නේ ඒ සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොදැක්වීමයි. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ඉල්ලන ලද යම් තොරතුරක් ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ සඳහා නිශ්චිත හේතු දැක්වීමක් කළ යුතුය.

නමුත් ‍ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ නම්කළ නිලධාරී ජානක අබේසිංහගේ අත්සනින් යොමුකර ඇති එම ලිපියේ නිශ්චිත හේතුවක් දක්වා නැත. තොරතුරු ලබා නොදීම සඳහා පනතේ ඇති කවර වගන්තියක් හෝ අදාල කරගැනීමේ අපේක්ෂාවෙන් ඔහු තොරතුරු නොදීමට හේතුව ලෙස දක්වා ඇත්තේ මෙවැනි කරුණකි.

“ඔබ විසින් ඉල්ලා ඇති තොරතුරු අංක 2016/12 දරණ තොරතුරු දැන ගැනීමේ පනතේ 5(1) (a) සහ/හෝ, 5.(1)(b) සහ/හෝ, 5(1)(g) සහ/හෝ, 5(1)(h) සහ/හෝ, 5(1)(i) සහ/හෝ 5(1)(j) වගන්ති වල ප්‍රතිපාදනවලට අනුව ලබා දිය නොහැකි බව දැනුම් දෙමි.”

බැලූ බැල්මට පෙනෙන්නේ මෙය ‍ශ්‍රී ලංකාව තුළ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් වූ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සීමා කරමින් අන්තර්ජාල අවහිරතා සිදුකිරීම සම්බන්ධ තොරතුරු සැඟවීමට තීරණය කර තොරතුරුවලට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේපප කිරීම සඳහා හේතු සොයන බවයි.

ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකමක් අහිමිකිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ගෙන ඇතිි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ‍තොරතුරු හෙළිවීම වැළැක්වීමට එහි තොරතුරු නිලධාරීවරයාට සහ නම්කළ නිලධාරීවරයාට නිශ්චිත හේතුවක් සොයාගත නොහැකිව මෙවැනි පිළිතු ලබා දෙන බැවින්, අපි මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට අපේක්ෂා කරන්නෙමු.

සජීව විජේවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!