spot_img
spot_imgspot_img

මහලු ජී.එල්. තරුණයන්ට තැන දෙන්න කතා කරයි

පුවත්

විදෙස්

දේශපාලනඥයන් වයස අවුරුදු 60 දී විශ්‍රාම යාම ජනතා කැමැත්තනම් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් අද (19) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් කීවේය.

මෙම ප්‍රකාශය සිදුකරන ජී.එල්.පීරිස් හිටපු අමාත්‍යවරයාගේ වයස දැන් අවුරුදු 76කි. ඔහු 1946 අගෝස්තු 13 වැනි දා උපත ලැබූවෙකි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ලෝක‍යේ කිසිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වයසක් ගැන සඳහන්  නැති බවයි. කිසිම රටක් එවැන්නක් නොකළත් ජනතාව පවසන පරිදි එය අපේ රටට සුදුසුනම් ගැටලුවක් නැතිව ක්‍රියාත්මක ක‍ළ හැකි බව ද හිටපු අමාත්‍යවරයා කීවේය.

තරුණයන් සතු නිර්මාණශීලී හැකියාවන් සහ ඔවුන්ට නායකත්වය දිය යුතු බව අරගලයේදී ද පැහැදිලි වූ බව ද ඔහු පවසයි.

එසේ වුවත් කිසිම පසුබිමක් පලපුරුද්දක් නැති අය ප්‍රධාන තනතුරුවලට පත්වීමෙන් වන මහා වින්නැහිය ද රට අත්විඳ ඇති නිසා තරුණ ජවයක් ඇති අය සමඟ අමාත්‍යාංශ මෙහෙයවා පලපුරුද්දක් ඇති අයත් සිටීම ශක්තියක් බව සිතන කොටසක් ද රට තුළ සිටින බව කී මන්ත්‍රීවරයා ඒ ගැන සංවාදයකට සූදානම් බව ද කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!