spot_img
spot_imgspot_img

ජනශක්ති සභාපති ඝාතනය ගැන පුළුල් පරීක්ෂණ

පුවත්

විදෙස්

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපිත දිනේෂ් ශාෆ්ටර් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කරන බව පොලිසිය පවසයි.

බොරැල්ල සුසානභූමියේ නවතා තිබූ මෝටර් රථය තුළ ගෙල සිරවන සේ බැඳ දමා තිබූ ඔහු කොළඹ ජාතික රෝහලේ දී ඊයේ (15) රාත්‍රියේ මියගියේය. මෙලෙස ගෙල සිරවන සේ බැඳ දැමීමට පෙර ඔහුට කෲර වධ හිංසා පමුණුවා ඇතැයි ද පොලිසිය කියයි.

රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීමට යන බව පවසමින් ඔහු ඊයේ දහවල් නිවසින් පිටව ගොස් තිබිණි. බිරිඳ ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්ත ද එය ක්‍රියාවිරහිත වී තිබූ බවත් අනතුරුව ඔහු බොරැල්ල සුසානභූමිය තුළ රැඳී සිටින බවට එහි ඇති යෙදුමක් මාර්ගයෙන් දැනගත් බවත් බිරිඳ පොලිසියට පවසා ඇත.

බිරිඳ විසින්, ජනශක්ති සමාගමේ නිලධාරියකුට බිරිඳ කරන ලද දැනුම් දීමක් අනුව කරන ලද සොයා බැලීමක දී දැක ඇත්තේ දිනේෂ් ශාෆ්ටර් ඔහුගේ ම රථයේ රියදුරු ආසනය මත අත් ගැට ගසා ගෙලට වයරයක් දමා සිරකර සිටින ආකාරයයි.

ඔහු හැකි ඉක්මණින් රෝහල්ගත කර තිබූ අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී රාත්‍රී 11.30ට පමණ මියගොස් ඇත.

රුපියල් කෝටි කිහිපයක ණය මුදලක් ගත් ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සභාපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි තුනක් කර තිබූ බව ද පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!