කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 18,375 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,631ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 18ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,862ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 323
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 280
- ෆස්ට් කැපිටල් ටෙෂරීස් සමාගම රුපියල් මිලියන 185
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 15
- ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම කොටස් මිලියන 06
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ෆස්ට් කැපිටල් සමාගම 20%
- ඔරියන්ට් ෆයිනෑන්ස් සමාගම 19%
- ෆස්ට් කැපිටල් ට්‍රෙෂරස් සමාගම 18 %
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 403
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 219
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 200
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 14 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 21 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 07ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 2.7
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 2.4
- බොගවන්තලාව වැවිලි සමාගම රුපියල් මිලියන 1.7
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 4.9
- හොරණ වැවිලි සමාගම රුපියල් මිලියන 1.8
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ