spot_img
spot_img

අයවැය කතාවේ සඳහන් විශේෂ කරුණු 73ක්

පුවත්

විදෙස්

වත්මන් ලෝකයේ නව ප්‍රවණතාවයන්ට ගැළපෙන අලුත් ආර්ථික පදනමක් සකස් කරමින් සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඉහළ කාර්ය සාධනයක් සහිත නවීන ආර්ථීකයක් නිර්මාණය කිරීම සඳහා වන ගමන මෙවර අය වැයත් සමඟ 2023 වසරේදී ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ 2023 අය වැය අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

රටක දීර්ඝ කාලීන සංවර්ධනයට පදනම් වන්නේ නිවැරදි තීරණ මිස ජනප්‍රිය තීරණ නොවන බව පැවසූ ජනාධිපතිවරයා ජනප්‍රිය මාවතේ තවදුරටත් යෑමෙන් රටට අනාගතයක් නැති බවත්, රට ඉදිරියට ගෙන යෑම සඳහා සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමය නව ප්‍රවේශයක් වනු ඇති බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 අයවැය ඉදිරිපත් කරමින් සිදු කළ කතාවේ විශේෂ කරුණු පහත පරිදි වේ.

  • 2023 අය වැය යෝජනා ඔස්සේ 21 වන සියවසේ නව ලෝකයට ගැලපෙන නව ආර්ථිකයක් ගොඩ  නැංවීමේ ක්‍රියාවලිය අරඹනවා
  • රටක දීර්ඝ කාලීන සංවර්ධනයට පදනම් වන්නේ (2023-2048) නිවැරදි තීරණ මිස ජනප්‍රිය තීරණ නොවේ
  • තරුණ තරුණියන්ගේ යහපත් හෙට දවසක් වෙනුවෙන් උද්ඝෝෂණ, අරගල, වැඩ වර්ජන වැනි සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගිය අලුත් ප්‍රවේශයක්, අලුත් වැඩපිළිවෙලක් මගින්  තරුණ තරුණියන්ගේ අපේක්ෂා වලට ගැළපෙන නව ආර්ථිකයක් නිර්මාණය කර ගනිමු
  • සමාජය හුරුපුරුදුව සිටින ජීවන රටා යළි පහළ මට්ටමකට නොවැටෙන ලෙස නව ගමන ආරම්භ කරනවා  
  • ඒක පුද්ගල ආදායමට සරිලන ජීවන ක්‍රමයක් වෙනුවට  තරුණ තරුණියන් අපේක්ෂා කරන ජීවන ක්‍රමයට ගැලපෙන ආර්ථිකයක්
  • ලෝකයේ නව ප්‍රවණතාවන්ට ගැලපෙන ලෙස අලුත් ආර්ථික පදනමක් සකස් කර ගත යුතුයි
  • දිළිඳු හා අවදානමට ලක්ව ඇති කණ්ඩායම් රැකබලා ගැනීමට පූර්ණ අවධානය
  • පුද්ගලික ව්‍යවසායකයන් දිරිමත් කරන අතර අලුත් ව්‍යවසායකයන් බිහි කිරීමට අවශ්‍ය  පහසුකම් සපයන අතර  ඔවුන්ගේ කාර්යයන් වඩාත් ඵලදායී කරගත හැකි ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කරනවා 
  • අපනයනය මූලික කරගත් තරගකාරී ආර්ථික ක්‍රමයක් 
  • පරිසර හිතකාමී හරිත සහ නීල ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් කෙරෙහි නව ආර්ථික වැඩපිළිවෙලෙහි විශේෂ අවධානයක්.

11.සමාජ- ආර්ථික පරිවර්තනය සිදුකළ යුත්තේ ගෝලීය සංසිද්ධීන් සැලකිල්ලට ගනිමින් සහ  දේශගුණික විපර්යාස ගැන දැඩි අවධානයක් යොමු කරමින්

12. ආර්ථික පරිවර්තනය සඳහා අවශ්‍ය නීති සංශෝධන සහ නව පනත් නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා

13.   සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක්  ඔස්සේ  7%- 8% ක ඉහළ ආර්ථික වර්ධනයක් සපුරා ගැනීමට අපේක්ෂිතයි

14.   ජාත්‍යන්තර වෙළෙඳාම දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශයක් ලෙස 100%ක් පමණ ඉහළ නංවා ගැනීමට පියවර

15.   2023- 2032 දක්වා නව අපනයන මඟින් ඩොලර් බිලියන 3ක වාර්ෂික වර්ධනයක් අපේක්ෂා කෙරේ 

16.   අවුරුදු 10ක් පුරා වාර්ෂිකව ඩොලර් බිලියන 3ක සෘජු විදේශ ආයෝජන ඉලක්ක සපුරා ගැනිමට සැලසුම්

17.   ඉදිරි දස වසර තුළදී ඉහළ කුසලතාවන්ගෙන් යුතු ජාත්‍යන්තර වශයෙන් තරගකාරී ශ්‍රම බලකායක් බිහි කර ගැනීමට අවශ්‍ය කටයුතු සැකසේ.

18.   අප ගෙන එන ආර්ථික ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟත්වයට පැමිණි ප්‍රතිසංස්කරණවලට සීමා වන්නේ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමුඛ වන්නේ ආර්ථික ස්ථායිකරණය සඳහායි

19.විදේශ වෙළඳාම හා ආයෝජන ප්‍රවර්ධනය සඳහා පූර්ණ බලැති මධ්‍යගත ආයතනයක්. මේ සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක රාජ්‍ය ආයතන ඊට ඒකාබද්ධ කෙරෙනු ඇත.

20. බස්නාහිර , වයඹ , හම්බන්තොට, ත්‍රිකුණාමලය ඇතුළත් නව ආර්ථික කළාප රැසක්  මේ  සඳහා විශේෂ නීති රාමුවක්

21.රටේ ආර්ථික ඵලදායිතාව නැංවීම සඳහා ජාතික ආර්ථික ඵලදායි කොමිෂන් සභාවක්

22.ගෝලීය වෙළඳපොළ ප්‍රවේශය නැංවීමට වැඩසටහන් රැසක්

23.ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය කෙරේ

24.ශ්‍රම වෙළඳපොළ සඳහා නව ප්‍රතිපත්ති

25. යල්පැන ගිය කම්කරු නීති වෙනුවට ඒකාබද්ධ නීතියක්

26.  කෘෂි අපනයනය සඳහා ඉඩම් ලබාදෙයි . ඌන උපයෝජිත වගා නොකරන ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම මත අපනයන භාණ්ඩ නිෂ්පාදනය සඳහා ව්‍යවසායකයන්ට

27.ඩිජිටල් තාක්ෂණය ආර්ථික හා සමාජ පරිවර්තනය සඳහා යොදාගැනීමට පියවර

28. ඛණිජ සම්පත් ඵලදායි ලෙස ජාතික සංවර්ධනයට යොදා ගැනීමට පියවර

29.කුරුඳු කර්මාන්තය සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක්

30.රජයේ නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් හඳුනාගැනීමට හා විශ්ලේෂණය කිරීමට නව වැඩපිළිවෙලක්

31. සමුද්‍රීය සංචාරක සංවර්ධනය සඳහා නව වැඩසටහනක්

32. නැගෙනහිර , දකුණ හා බස්නාහිරට නව සමුද්‍රීය සංචාරක ප්‍රවර්ධන කළාප 3ක්

33.දුෂ්කර පාසල් වෙත අන්තර්ජාල පහසුකම්

34. ද්වීතියික පාසල් 1000 කට අන්තර්ජාල පහසුකම් නොමිලේ

34.ග්‍රාමීය පාසල් වල සනීපාරක්ෂක පහසුකම් නැංවීමට පියවර

35.විශ්ව විද්‍යාල ප්‍රවේශයේ කුසලතා පදනම 2024 සිට පියවරෙන් පියවර 50% ක් දක්වා වැඩි කෙරේ.

36. වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි පහසුකම් පුළුල් කිරීමට පියවර. රුහුණ, පේරාදෙණිය , යාපනය යන විශ්ව විද්‍යාල වල පශ්චාත් වෛද්‍ය උපාධි පහසුකම් වැඩිදියුණු කෙරේ.

37. 75 වන නිදහස් සැමරුමට සමගාමීව උසස් පෙළ විශිෂ්ඨ ප්‍රතිඵල ගන්නා සිසුන් 75 දෙනෙකුට විදෙස් රටවල උසස් සරසවි වල උපාධි හැදෑරීමට ශිෂ්‍යත්ව 75ක් පිරිනැමේ.

38.විශිෂ්ඨ ලෙස උපාධි සමත්වන තරුණ තරුණියන් 75 කට පශ්චාත් උපාධි ලබාගැනීමට විදෙස් සරසවි වල ශිෂ්‍යත්ව පිරිනැමේ.

39.ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සඳහා නව වෛද්‍ය පීඨයක්

40.රාජ්‍ය සේවයේ සුදුසු ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක්

41.රාජ්‍ය ආදායම් කළමනාකරණය විශ්ලේෂණය කොට නිර්දේශ ලබාගැනීම පිණිස බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක්

42. 2024 මාර්තු 01 වනදා සිට සියලු රාජ්‍ය ගෙවීම් විද්‍යුත් ක්‍රමයක් ඔස්සේ පමණක් සිදුකිරීමට පියවර

43.ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට වැඩසටහන් රැසක්. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සියලු තොරතුරු මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ක්‍රියාත්මක කෙරේ

44. මිරිදිය ධීවර කර්මාන්තය නැංවීමට මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන වල ධාරිතාව ඉහළ නැංවීමට පියවර

45. රේගු නොවන බදු අදියරගතව ඉවත් කෙරේ. සෙස් බද්ද අවුරුදු 3 කින්, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද අවුරුදු 5 කින් පියවරෙන් පියවර ඉවත් කෙරේ .

46. විශේෂ ඛාණ්ඩ හැරුණු කොට  සන්නද්ධ හමුදා සාමාජිකයන් සඳහා අවුරුදු 18 ක සේවා කාලයකින්වි පසුව විශ්‍රාම ගැනීමට අවස්ථාව

47. ශ්‍රී ලන්කන්, ටෙලිකොම්, හිල්ටන්, වෝටර්ස් ඒජ් , ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ප්‍රතිව්‍යුහගත කිරීම. ඉන් ලැබෙන ආදායම විදේශ විනිමය සංචිත සහ රුපියල ශක්තිමත් කිරීමට යොදාගැනේ.

48. අක්‍රීය වත්කම් සඳහා නව නීතියක් සහ නව ආයතනයක් ක්‍රියාත්මක කෙරේ.

49. ක්‍ෂුද්‍ර මූල්‍ය ණය නියාමනය කිරීම සඳහා අධිකාරියක් ස්ථාපිත කෙරේ.

50. සුබසාධක ප්‍රතිලාභ ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමට පියවර 

51.  ළමා පෝෂණය වැඩි කිරීම  සඳහා විශේෂ වැඩසටහනක්. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500 ක්.

52. පොල් ඉඩම් කැබලි කිරීම සීමා කෙරේ. පොල් ඉඩම් කැබලි කිරීම අක්කර 1 කට හෝ ඊට අඩු පොල් ඉඩම් සඳහා පමණක් සීමා කෙරේ

53. කෘෂි ව්‍යවසාය ගම්මාන 10 ක් ඇති කෙරේ.

54. පසු අස්වනු වගා හානි අඩු කිරීම සඳහා වැඩපිළිවෙලක්. අස්වනු ගබඩා පහසුකම් වැඩිකිරීමට පියවර.

55. දේශීය කිරි නිෂ්පාදනය නැංවීම සඳහා වැඩසහනක් ක්‍රියාත්මක කෙරේ. කුණ්ඩසාලේ කෘතිම සිංචන මධ්‍යස්ථානය වැඩි දියුණු කෙරේ.

56. දේශගුණික විපර්යාස පිළිබඳව ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් මෙරටදී ඇරඹේ.

57. ග්‍රීන් හයිඩ්‍රජන් තාක්‍ෂණය මෙරට සංවර්ධනයට යොදාගැනේ.

58. වන ගහනය වැඩිකිරීම සඳහා වැඩපිළිවෙලක්.

59. 2027 වන විට අක්කර 50,000 ක් වන වගාවට එක්කෙරේ.

60. සුරා බදු දෙපාර්තමේන්තුවට මත්පැන් පරීක්‍ෂා කිරීමට නව රසායනාගාරයක්.

61.සූර්ය බලශක්ති පැනල හා විද්‍යූත් මෝටර් කාර් දේශීයව නිෂ්පාදනයට පහසුකම් සැපයේ.

62.රාජ්‍ය අනුග්‍රහයෙන් ආගමික සිද්ධස්ථාන සඳහා සූර්ය පැනල ලබාදීම 2023 සිට ඇරඹේ.

63.තරුණ ව්‍යවසායකත්වය නැංවීමට හා විදේශ රැකියා සඳහා අවශ්‍ය පුහුණුවීමේ පහසුකම් ඇති කෙරේ.

64.පානීය ජල බෝතල් වලට ආරක්‍ෂිත මුද්‍රාවක්.

65.බන්ධනාගාරවල සනීපාරක්‍ෂක පහසුකම් දියුණු කෙරේ.

66.බදුල්ල, කුරුණෑගල, පොළොන්නරුව රෝහල් ශීක්‍ෂණ රෝහල් ලෙස උසස් කෙරේ.

67.අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම අධීක්‍ෂණය සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායක්.

68.2022 පැවති 9.8% අයවැය හිඟය  2023 දී  දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 7.9% ක් දක්වා අඩුකරගැනීමට පියවර.

69. 2022 දී ප්‍රාථමික අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් -4.0 % ක් වූ අතර එය 2023 දී  – 0.7% දක්වා වැඩිකර ගැනීමට සැලසුම්.

70. 2023 වසරේදී රුපියල් බිලියන 1,220 ක් රාජ්‍ය ආයෝජන සඳහා සැලසුම්.

71.පොදු සම්මුතියකට පැමිණ ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කර ගනිමු. ඊළඟ වසර 25 පුරා ඒ ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කරමු

72.අය වැය යෝජනා, රාජ්‍ය නිලධාරීන් මගින්, රාජ්‍ය තන්ත්‍රය  හරහා ක්‍රියාත්මක කරවීමේදී ආංශික කාරක සභාවලට විශාල වැඩ කොටසක් ඉටු කළ හැකියි. රාජ්‍ය වියදම් අඩු කර ගැනීමේ ව්‍යායාමයටත්, මුදල් පිළිබඳ කාරක සභා වලටත්  ඵලදායී ලෙස මැදිහත් විය හැකියි. ඒ නිසා සියලු කාරක සභා කඩිනමින් ක්‍රියාවට නංවන්න

73.   නව ආර්ථික පදනමක් ඔස්සේ රට යළි ඔසවා තැබීමේ වෑයමට ක්‍රියාකාරීව සහ ක්‍රියාශීලීව දායකත්වය ලබා දෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!