spot_img
spot_imgspot_img

විස්සයි 20 ලෝක කුසලානය එංගලන්තයට

පුවත්

විදෙස්

පකිස්තානය කඩුලු 05කින් පරාජයට පත්කරමින් එංගලන්ත කණ්ඩායම අද විස්සයි – 20 ලෝක කුසලානයට දිනාගත්තේය. මෙය එංගලන්ත කණ්ඩායම  විස්සයි-20 ලෝක කුසලානය දිනාගත් දෙවැනි අවස්ථාව විය.

එම දස්කම මීට පෙර සිදුකර තිබුණේ බටහිර ඉන්දීය කොදෙව්වන් පමණි.

2016 වර්ෂයේ පැවැති විස්සයි – 20 ලෝක කුසලානයේ අවසන් පන්දුවාරයේ දී තරඟයෙන් ජය ගැනීමට බටහිර ඉන්දීය කණ්ඩායමට ලකුණු 19ක් අවශ්‍යව තිබූ මොහොතක පන්දු යැවූ බෙන් ස්ටොක්ගේ අවසන් ඕවරයේ පළමු පන්දු 04 ට ම හයේ පහර 04ක් එල්ල කළ කාලෝස් බ්‍රැත්වෙයිට්ගේ ප්‍රහාරය හේතුවෙන් එවර විස්සයි-20 ලෝක කුසලානය එංලන්ත කණ්ඩායමට අහිමිවිය.

2019 වර්ෂයේ දී එක්දින ලෝක කුසලානය එංගලන්තයට හිමිකර දීමට අවසන් මහා තරඟයේ දී නොදැවී ලකුණු 84ක් ලබාගත් බෙන් ස්ටොක්ස් අද දිනයේ දී පන්දු 49කින් හතරේ පහර 05ක් සහ හයේ පහරක් සහිතව ලකුණනු 52ක් ලබා ගත්තේ පන්දු ඕවරයක් ඉතිරිව තිබිය දී ම එංගලන්ත ජයග්‍රහණය තහවුරු කරමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම ලකුණු 160 සීමාව ඉක්මවන බවක් පෙනෙන්නට තිබුණ ද අවසන් පන්දුවාර 04 ක්‍රියාත්මක කළ සෑම් කරන් සහ ක්‍රිස් ජෝර්ඩ්න් දෙදෙනා අවසන් පන්දු 24ට ලබාදුන්නේ ලකුණු 18ක් පමණක් වීමෙන් පකිස්තානයට සිය ඉලක්කය කරා යාමට නොහැකි විය.

සෑම් කරන් සිය පන්දුවාර 04 ලකුණනු 12කට සීමා කරමින් කඩුළු 03ක් දවා ගත්තේය.

මෙම ඉලක්කය එංගලන්ත පිතිකරුවන් විසින් පහසුවෙන් ඉක්මවා යනු ඇතැයි විශ්වාස කළ ද වරෙක තරඟය කණ්ඩායම් දෙකටම දෝලනය වෙමින් තිබිණි. නමුත් ඉනිමේ කොඳු නාරටිය බවට පත් වූ බෙන් ස්ටෝක්ස් එංගලන්ත ජයග්‍රහණය තහවුරු කරගත්තේය.

අවසන් මහා තරඟයේ දී පන්දුවෙන් දස්කම් දැක්වූ සෑම් කරන් අවසන් මහා තරඟයේ වීරයා පමණක් නොව තරඟාවලියේ වීරයා බවට ද පත්වූයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!