spot_img
spot_imgspot_img

මහින්දය ගැන ඇමති අණින් විශේෂ පරීක්ෂණයක්

පුවත්

විදෙස්

අධිකරණයෙන් උපදෙස් ලබා දී තිබිය දී ඊට පටහැනිව යමින් මහින්ද විද්‍යාලයේ සිසුවකුගේ අධ්‍යාපන අයිතිය අහිමිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා පැය 24ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් දරුවාගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (02) නියෝග කර තිබේ.

මහින්ද විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන, අධිකරණ උපදෙස් පවා නොතකමින් සිසුවාගේ අධ්‍යාපන අයිතිය අහිමිකරන බව rata.lk දිගින් දිගටම අනාවරණය කරන ලදී

එම ලිපි පහළින්

ඔක්තෝබර් 27 – මහින්ද විදුහල්පති දරුවකුගෙන් පළිගන්නා බවට චෝදනා. අධිකරණයටත් අපහාසයක්

ඔක්තෝබර් 28 – මහින්දයේ දරුවාගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන්න යැයි අධිකරණයෙන් දැනුම් දෙයි

ඔක්තෝබර් 31 – මහින්දයේ විදුහල්පති අධිකරණ උපදෙසට පිටුපෑවා යැයි පොලිසියේ පැමිණිල්ලක්

අධ්‍යාපන අමාත්‍යවරයාගේ විශේෂ පරික්ෂණ කණ්ඩායමක් අද (03) ගාල්ලට ගොස් ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ දී එම දරුවා සහ ඔහුගේ භාරකරුවන සීයා හමු වී මේ පිළිබඳ සිදුව ඇති දේ පිළිබඳ කරුණු පරීක්ෂාකර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පැමිණි නිලධාරීන් කණ්ඩායම මහින්ද විද්‍යාලයට ද ගොස් ඇති අතර පරිවාස දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද හමුවී සිද්ධිය සම්බන්ධ කරුණු අධ්‍යයනය කර ඇති බව දැනගන්නට ඇත.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින අපයෝජන සිද්ධියක වින්දිතයකු බවට පත්ව සිටින එම සිසුවා පරිවාස භාරයට පත්කර දින කිහිපයකට පසු නැවත ඔහුගේ භාරකරුවන සීයා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් බාර දී තිබිණි. එහි දී අධිකරණය දන්වා ඇත්තේ වින්දිතයන් බවට පත්වූ සියලු සිසුන්ට සාමාන්‍ය පරිදි සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබාදිය යුතු බවයි.

නමුත් මහින්ද විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන මහතා එම සිසුවා තමන්ට එරෙහිව සමාජ මාධ්‍යයක අදහස් දක්වා ඇතැයි පවසමින් ඔහුට පාසලට ඇතුළුවීමට අවස්ථාව දී තිබුණේ නැත. මේ හේතුවෙන් දරුවාගේ අධ්‍යාපන අයිතිය මාස තුනකට ආසන්න කාලයක් අහිමිව තිබූ බැවින්, මානව හිමිකම් සුරැකීමේ එකමුතුවේ නීතිඥ අජිත් කුමාර මහතා අධිකරණයට කරුණු වර්තා කර තිබිණි.

ඒ අනුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට උපදෙස් දෙමින් කියා පසුගිය 28 වැනි දා කියා සිටියේ දරුවාගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන ලෙසයි. එම උපදෙස් අනුව 31 වැනි දා දරුවා පාසලට ගිය ද විදුහල්පතිවරයා ඔහුට පාසලට ඇතුළුවීමට ඉඩ දී තිබුණේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!