spot_img
spot_imgspot_img

ප්‍රතිකාර සඳහා තැනින් තැනට රැගෙන ගිය 11 හැවිරිදි දරුවෙක් මරුට

පුවත්

විදෙස්

අසනීප තත්වයක් හේතුවෙන් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකින් ප්‍රතිකාර ගෙන අසාධ්‍ය වූ 11 හැවිරිදි දරුවෙක් කළුතර රෝහලේ දී ඊයේ (12) මියගොස් තිබේ.

මෙලෙස මරුමුවට පත්ව ඇත්තේ බේරුවල, වලතර ප්‍රදේශයේ පදිංචි විදුෂ රන්දුණු නැමැති පාසල් සිසුවෙකි. එහු වලතර කණිෂ්ඨ විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියේය.

එම දරුවා පසුගිය 10 වැනි දා උණ රෝගගයක් හේතුවෙන් බේරුවල අඹේපිටිය ප්‍රදේශයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගෙන ඇත. ඉන් පසු ආසාත්මිකතාවක් ඇති වී වෙනත් වෛද්‍යවරයකු හමුවී නැවත ‍ප්‍රතිකාර ගෙන ඇත. එම වෛද්‍යවරයා ලබාදුන් ඖෂධවලින් ද සුවයක් නොලැබුණු බව පවසමින් දෙමාපියන් යළි පළමුව හමුවූ වෛද්‍යවරයා වෙත දරුවා රැගෙන ගොස් ඇත. එම වෛද්‍යවරයා තවත් ඖෂධ වර්ග කිහිපයක් දුන් බව දෙමාපියෝ කියති.

දරුවාගේ උණ තත්වය වැඩි වීම හේතුවෙන් බේරුවල ප්‍රාථමික රෝහලට රැගෙන ගොස් ඇති අතර දරුවාගේ තත්වය අසාධ්‍ය බව පවමින් ඔහු කළුතර රෝහලට ඇතුළත් කරන ලෙස දැනුම් දී තිබේ. කළුතර රෝහලට ඇතුළත් කළ පසු දරුවා ඊයේ (12) සවස හදිසියේම මි‍යගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දරුවාගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (13) කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ දී සිදුකෙරුණු අතර  හදිසි මරණ පරීක්ෂකවරයා දරුවාගේ මරණය සම්බන්ධයෙන් ලබා දී ඇත්තේ විවෘත තීන්දුවකි. ඔහුගේ සි‍රුරේ පටක කොටස් රස පරීක්ෂක වෙත යොමුකර ඇති අතර ඒ සම්බන්ධ වාර්තා ලැබුණු විට මරණය සම්බන්ධ තීන්දුව ලබාදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!