කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 28,259 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,300ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 108ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,853 ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 550
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 379
- ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 194
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 05
- ලංකා අයිඕසී සමාගම කොටස් මිලියන 2.6
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) 50%
- පැරගන් හෝටල් සමාගම 20%
- සපුගස්තැන්න වැවිලි සමාගම 16%
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 303
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 177
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 45ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 14ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 31ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- කොමර්ෂල් බැංකු රුපියල් මිලියන 22
- වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 04
- ෆෝර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 2.6
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ආසිරි රෝහල් සමාගම රුපියල් මිලියන 3.9
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 01
- සම්පත් බැංකුව රුපියල් මිලියන 01
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ