කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 42,743 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,541 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 412ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,237 ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 1,411
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 448
- ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 273
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 30
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 27
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 25
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- දංකොටුව පෝසිලේන් සමාගම 05%
- ගෙස්ට්ටෙට්නර් සමාගම 05%
- ඔඩෙල් සමාගම 05%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- සීඅයිසී සමාගම කොටස් ලක්ෂ 07ක් රුපියල් 81.00 බැගින්
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 23ක් රුපියල් 8.40 බැගින්
- දංකොටුව පෝසිලේන් සමාගම කොටස් මිලියන 08ක් රුපියල් 25.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 341
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 220
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 180
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 62ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 41ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 21ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 9.9
- බයිරහා ෆාම් සමාගම රුපියල් මිලියන 9.3
- සීඅයිසී සමාගම රුපියල් මිලියන 8.3
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට සමාගම රුපියල් මිලියන 4.8
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 4.1
- ෆොර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 3.3
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ