spot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 35,643 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,620 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 12ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,913  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,209
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 804
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 313

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 08
  • ඒසියා සියාකා සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ලංකා ආශෝක් ලේලන්ඩ් සමාගම 21%
  • රේඩියන්ට් ජෙම්ස් සමාගම 18%
  • ප්‍රින්ට් කෙයාර් සමාගම 14%

සංවෘතකවය තුළ සිදුවූ ගනුදෙනු

  • ලංකා අයි‍ඕසී  සමාගම කොටස් 250,000ක් රුපියල් 282.00 බැගින්
  • සීඅයිසී සමාගම කොටස් 750,000ක් රුපියල් 90.00 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් මිලියන 4.2ක් රුපියල් 228.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 442
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 240
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 199

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 1,039 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 49ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 990ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 968
  • කොටගල වැවිලි සමාගම රුපියල් මිලියන 07
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 05

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • සීඅයිසී  සමාගම (X) රුපියල් මිලියන 3.3
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 3.2
  • පෝර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 2.8

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles