spot_img
spot_imgspot_img

තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයෝ දෙවියන්ගේ පිහිට යදිති

පුවත්

විදෙස්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව දෙවියන්ට කන්නලව් කිරිමට එහි‍ වෘත්තීය සමිිත නායකයෝ ඊයේ (20) දේව කන්නලව්වක් කර තිබේ.

ඔවුන් මෙම කන්නලව්ව කර ඇත්තේහලාවත මුන්නේෂ්වරම් දේවාලයේ දී ය. එහි දී දේව පූජාවක් පවත්වා පොල් ගැසීමක් ද සිදුකර ඇත. මුන්නේෂ්වරම් ඊශ්වර දේවාලයට ගොස් මෙම කටයුතු සිදුකිරීමෙන් අනතුරුව මුන්නේෂ්වරම් හි පිහිටි සොහොන් කාලි දේවාලයට ද ‍ගොස් එවැනිම පූජාවක් කර තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති එකමුතුවේ අශෝක රංවළ එහි දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ කීවේය.

“අපි මේ දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ රටේ සම්පතක් වෙලා තිබුණු ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා. මේක විනාශ කරන්න පිරිසක් උත්සාහ කරනවා. මේ සම්බන්ධයෙන් අපි වගකිව යුතු අය දැනුම්වත් කළා. මේ විනාශය කරන්න එපා කියලා. නමුත් වෘත්තීය සමිති නායකයන්, සේවකයන් කියන කිසිම දෙයක් මායිම් නොකර ඔවුන් තම වාසිය ගැන පමණක් සිතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විනාශ කරන්න සූදානම්. ඒ නිසා අපි අද දෙවියන්ට මේ අවනඩුව කීවා”

නූතන ලෝකයේ ඉතාමත් ප්‍රබල බලශක්තියක් වන්නේ ඛනිජ තෙල් භාවිතයයි. ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශාල සේවක අතිරික්තය, ඔවුන්ගේ ලක්ෂ ගණනක වැටපු, වංචා සහ දූෂණ හේතුවෙන් දිගින් දිගටම කෝටි ගණනක් පාඩු ලබමින් සිටියි. රටේ ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතු බවයි. එම ලේඛනයේ ඉහළින්ම ඇති ආයතනයක් ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හැඳින්වේ.

පාඩු ලබන ආයතනයක වෘත්තීය සමිති නායකයෝ තවදුරටත් එම ආයතනය බේරා දෙන්න යැයි දෙවියන්ට කන්නලව් කරති.

(ඡායාරූපය ලංකාදීප වෙබ් අඩවියෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!