spot_img

මාර්ග සංවර්ධන අධිකාරියෙන් කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 100ක පොල්ලක්

පුවත්

විදෙස්

මාර්ග සංවර්ධන අධිිකාරිය මගින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 10,000කට අධික බිල්පත් ගෙවීමට ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු පවසන්නේ රජයේ සේවකයන්ට නියමිත වැටුප් පවා ගෙවීමට නොහැකි තරමේ අර්බුදයකට රජය පත්ව තිබිය දී මෙම මුදල් ගෙවීම බරපතල ගැටලුවක් වී ඇති බවයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් ඇති බැවින් මුදල් අච්චු ගැසීම පවා කළ නොහැකියැයි ඇමතිවරයා පවසයි.

මේ විදියට වැඩ අවසන් කළ ආයතනවලට රජයෙන් මුදල් නොගෙවීම නිසා ඒ ආයතනත් දැඩිව අසරණ වෙලා. රුපියල් බිලියන 100ක පමණ මුදලක් අපි ගෙවිය යුතුයි. නමුත් ගෙවන්න මුදල් නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles