spot_img
spot_imgspot_img

“HNB සරු ගෙවත්ත” රටට සපයන ආදර්ශය

පුවත්

විදෙස්

හැටන් නැෂනල් බැංකුව ක්‍රියාත්මක කර ඇති “HNB තිරසාර පදනම” මගින් සරු ගෙවත්ත සංකල්පය ක්‍රියාවට නංවමින් අම්බලන්තොට නගරයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

අම්බලන්තොට හැටන් නැෂනල් බැංකු ගොඩනැගිල්ල සහ වළවේ ගඟ වම් ඉවුරේ තිබූ කුඩා හිස් ඉඩමක් ආදර්ශ ගෙවත්තක් බවට පත්කළ හැටන් ‍නැෂනල් බැංකු සේවක සේවිකාවෝ පසුගිය දා එහි පළමු අස්වැන්න නෙලීම පාසල් සිසු සිසුවියන්ගේ සහ ගනුදෙනුකරුවන්ගේ සහභාගීත්වයෙන් සිදුකළහ.

කොරෝනා සහ ආර්ථික අර්බුදය හමුවේ බැංකු විවෘතව තබන කාලය සවස 1.00 දක්වා අඩු කිරීමෙන් පසු තමන්ට ඉතිරිවන කාලයෙන් එහි සේවකයෝ මේ ගෙවත්ත නිර්මාණය කළහ. ජුනි මාසයේ ආරම්භ කළ ව්‍යාපෘතිය මේ වනවිට අස්වැන්න ලබාගන්නා තත්වයට පත්ව තිබේ.

පරිසරයේ පවත්නා සීමිත ඉඩකින් උපරිම ප්‍රයෝජන ගන්නා තිරසර සංවර්ධනය සඳහා වැඩි දායකත්වයක් සපයන හැටන් නැෂනල් බැංකුව සෞඛ්‍යය, අධ්‍යාපනය, පරිසරය සහ ව්‍යවස්ථායකත්වය යන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමුකර තිබේ. ඒ සඳහා 2009 වර්ෂයේ දී  ‘HNB තිරසාර පදනම’ ආරම්භ කර ඇත.

පසුගිය වසර කිහිපය පුරාවටම HNB තිරසාර පදනම මගින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති අතර, රෝහල් වලට ඖෂධ වර්ග සහ විවිධ පුද්ගලික ආරක්ෂක උපකරණ සැපයීම සිදුකෙරිණි. එමෙන් ම රට පුරා සිටින ආර්ථික අපහසුතා වලින් පෙලෙන පවුල් වල ගැබිණි කාන්තාවන්ට පෝෂණ මල්ලක් ලබා දීමට ද  මේ වන විටත් කටයුතු සම්පාදනය තිබේ.

හැටන් නැෂනල් බැංකුව ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැපයීමේ දී ගෙවතු වගා සහ කෘෂි ව්‍යාපෘති සඳහා වැඩි අවධානයක් යොමුකරයි. මීට අමතරව අම්බලන්තොට ශාඛාව මගින් ශිෂ්‍ය ඉතුරුම් ඒකක සහිත පාසල් සඳහා ආදර්ශ ගෙවතු වගා ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට ද නියමිතය. මෙම ‍ආදර්ශ ගෙවත්තේ පළමු අස්වැන්න ලබාගන්නා අවස්ථාවේ දී පාසල් සිසුන්ට ගෙවතු වගා සඳහා අවශ්‍ය පැල ලබා දීම ද කෘෂි උපදේශක සුජිත් ප්‍රියන්ත සහභාගී කරගනිමින් ගෙවතුවගා පිළිබඳ දැනුම්වත් කිරීමක් ද එදින සිදුකරන ලදී. මේ අවස්ථාවට සහභාගී වූ සියලු දෙනාට වටිනා බිබිළ දොඩම් පැලයක් බැගින් බෙදා දීම ද සිදු විය.

2022 වර්ෂයේ දී ආරම්භ කරන ලද “HNB සරු ගෙවත්ත” සංකල්පය අනුව කොළඹ, නුවර, නුවරඑළිය සහ දකුණු පළාතේ දැනටමත් ව්‍යාපෘති ආරම්භ කර තිබේ. එමගින් අඩපණ වී ඇති කෘෂි කර්මාන්තයට තරුණ තරුණියන් සහ පාසල් සිසුන් උනන්දු කරවීම සහ අනාගත පරපුරට ඊට අවශ දැනුම, තාක්ෂණය සහ අවශ්‍ය අනිකුත් පහසුකම් ලබාදීම ද “HNB සරු ගෙවත්ත” වැඩසටන මගින් සිදුකිරීමට බලාපොරොත්තු වෙයි.

හැටන් නැෂනල් බැංකුව සෑම විටම පාරිසරික හා සමාජීය අවශ්‍යතා හොඳින් තේරුම් ගනිමින් ව්‍යාපාර කටයුතු සාර්ථකව පවත්වා ගැනීමට බෙහෙවින් දායකත්වයක්‌ ලබා දෙන ආයතනයකි. හැටන් නැෂනල් බැංකුව “HNB සරු ගෙවත්ත සංකල්පය මගින් එය යථාර්ථයක් බවට පත්කිරීමට කටයුතු කරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!