spot_img
spot_imgspot_img

කට්ටඩියන්ගෙන් සමාජය බේරා ගන්න මනෝ වෛද්‍යවරු පෙරමුණ ගනිති. අලුත් වැඩක් අරඹයි

පුවත්

විදෙස්

නොපෙනෙන බලවේග සහ විශ්ව ශක්තිය යොදා ගනිමින් ලෙඩ රෝග සුවකරන, ආශිර්වාද කරන සහ ගැටලු නිරාකරණය කරනවා යැයි කියන පුද්ගලයන්ට ප්‍රචාරය ලබා දීමෙන් බොහෝ මාධ්‍ය මෙරට ජන සමාජය විනාශ කිරීමට ආධාර අනුබල දෙන බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ ආයතනය පවසයි.

ඔවුන් පවසන්නේ මානසික රෝග පිළිබඳ නිවැරදි දැනුම ළමා කාලයේ සිට ම ලබා දෙන්නේ නම් රටේ ජන සමාජය මෙලෙස නොම යාමට ඉඩක් නොමැති බවයි. එබැවින් නිවැරදි තොරතුරු ජනතාව‍ වෙත ලබා දීම සියලු ජනමාධ්‍යයන් හි වගකීමක් බවත් එය නිසි පරිදි තේරුම්ගෙන කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවත් මනෝ වෛද්‍යවරුන්ගේ ආයතනය දැනුම් දෙයි.

ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ ආයතනයේ මහජන සම්බන්ධතා නිලධාරී විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසන්නේ විවිධ යකුන්, ප්‍රේතයන් හා විශ්ව ශක්තීන් යොදා ගනිමින් රෝග සුව කරනවා යැයි පවසන කූට ව්‍යාපාරිකයන් අද සමාජයේ බහුලව දක්නට ලැබෙන බවයි. එවැනි කෛරාටික පුද්ගලයන්ට අසුවී ගේ දොර, පවුල් ජීවිත පමණක් නොව තම ජීවිත පවා අහිමිකරගන්නා පිරිස දිනෙන් දින වැඩිවී ඇති බව ද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන් ම මෙවැනි ප්‍රයෝගකාර පුද්ගලයන්ට අසුවී ගැහැනු සහ පිරිමි දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීම පවා ඉහළ ගොස් ඇතැයි ද ඔහු කීවේය.

“අද සමාජයේ තවමත් මිත්‍යා අදහස් විශ්වස කරන අය බහුලයි. නිවරදි මනෝ විද්‍යාත්මක දැනුම නොමැතිකම, තර්කනුකුලව නොසිතීම, මාධ්‍ය මගින් මිත්‍යාවට දෙන ප්‍රචාරය, හා මිනිසුන්ගේ අසරණ කම මෙයට හේතු වෙනවා. මාධ්‍ය මගින් මෙවැනි පුද්ගලයන් දක්වන අදහස් ළමා සිත් වලට හා විද්‍යත්මකව සිතීමට නුපුරුදු සිත් වලට කා වදිනවා. එසේම විවිධ ලෙඩ රෝග නිසා අසරණ වූ අය වැටෙන විට එල්ලෙන තුත්තිරි ගසක් සේ මේවාහී එලබ ගන්නවා. මාධය මගින් මෙවැනි පුද්ගලයන්ට දෙන ගුවන් කලය තුල සිදු වන්නෙ විශාල සමාජ හානියක්. මානසික රෝග පිලිබද නිවරදි දැනුම ළමා කාලයේ සිටම ලබා දුන්නොත් මෙලෙස නොමග ගොස් වන විනාශය බොහෝ දුරට වලක්වා ගන්න පුලුවන්.”

මේ පිලිබදව අවධානය යොමු කළ ශ්‍රි ලංකා මනෝ වෛද්‍ය වරුන්ගේ ආයතනය මානසික සෞඛ්‍ය හා ලෙඩ රෝග පිලිබද නිවරදි දැනුම ලබා දීම සදහා මානසික වෛද්‍ය වරුන්ගේ වෙබ් අඩවියේ විශේෂ ලිපි සහ විඩියෝ ඇතුලත් නවතම විශේෂාංගයක් ආරම්භ කර තිබේ. විවිධ මානසික රෝග , මානසික ගැටලු පිලිබදව මනෝ වෛද්‍ය වරුන් විසින් මෙම ලිපි හා විඩියෝ ඉදිරිපත් කරයි. මානසික රෝග හා මානසික සෞක්‍ය පිලිබද සියලු තරාතිරමේ පසුවන ජනතාවගේ දැනුම වර්ධනය කිරීම මෙහි අපෙක්ෂිත ඉලක්කයකි. ඕනෑම අයකුට එම තොරතුරු පහත සඳහන් සබැඳිය ඔස්සේ නැරඹීට අවකාශය ඇත.

slcpsych.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!