spot_img
spot_img

QR කේතයක් හදා තෙල් පෝළිම් නැති කිරීමේ ඔබ නොදත් කතාව

පුවත්

විදෙස්

උදිත දේවප්‍රිය විසිනි

“රටේ ඉන්ධන තොග අවසන්. රජය සති දෙකක කාලයක් සඳහා අත්‍යවශ්‍ය සේවා සහ කර්මාන්ත සඳහා ඉන්ධන තොග සීමා කිරීමට තීරණය කළා.” පසුගිය ජුනි 27 වැනි දා ශ්‍රී ලාංකික ජනතාව අවදි වූයේ ඒ අමිහිරි ප්‍රවෘත්තියත් සමගින්. තත්වය කෙතරම් නරකද යත් රජය අන්තර් පළාත් පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය ලැයිස්තුවෙන් බැහැර කර තිබුණා. එය මහජනතාවට දුන් පණිවිඩය ප්‍රබල හා අඳුරු දෙයක් වුණා. නිවසේ සිටින්න, පිටතට නොයන්න. ජනතාවට දුන් උපදෙස්වලින් කියැවු‍ණු. ඊට සතියක පෙර ඉන්ධන හිඟය නිසාම රටේ සියලු පාසල් වසා දමා තිබුණා. මේ වනවිට රටේ   අත්‍යවශ්‍ය අංශ, කර්මාන්ත ශාලා සහ ආයතන එකින් එක වැසී යමින් තිබුණා. වරක් ජීවයෙන් පිරී ගිය එහි නගර ඉක්මනින්ම ජන ශුන්‍ය හොල්මන් නරග ලෙස දිස් වුණා.

අනාගතය ගැන අවිනිශ්චිතව සහ කෝපයෙන් පිරුණු මිනිසුන්ට පාරට බහිනවා හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. සති දෙකක් යාමට පෙර, ඉන්ධන ඇතුළු භාණ්ඩ හිඟය සහ මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඔවුන්ගේ චෝදනා එල්ල වූ ජනාධිපතිවරයා එළවා දැමීමට රටේ ජනතාවට හැකි වුණා. මේ ජනතා නැගිටීමෙන් බියට පත්ව සසල වී ගිය ආණ්ඩුවට ඒ කරුණු ගැන සැළකිල්ලට ගන්නවා හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයට විසඳුම් නොලැබෙන්නේ නම් ජනතාව අරගලය අත් නොහරින බවත් ආණ්ඩුව තේරුම් ගත් කරුණක්. ඒ වනවිටත් ගෑස්, ආහාර සඳහා පෝළිම් ගැසී සිටියත් වඩාත්ම බලපා තිබුණේ ඉන්ධන හිඟයයි. නමුත්, ඩොලර් නොමැතිවීම සහ ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් රජයට අවශ්‍ය ඉන්ධන තොග ආනයනය  කිරීමට ඉතා අපහසු කාර්යයක්. රජය රජය 2019 දෙසැම්බර් මාසයේදී ඉන්ධන ආනයනය සඳහා වියදම් කර තිබූ මුදල ඩොලර් මිලියන 300ක් වුව ද මේ වනවිට මාසයකට ඉන්ධන සඳහා අවශ්‍ය ප්‍රමාණය දැක්වුණේ ඩොලර් මිලියන 500ක් හෙවත් බිලියන භාගයක් ලෙසින්.

මාර්තු සහ අප්‍රේල් මාසවල ඉන්ධන හිඟය උග්‍ර වීමට පටන් ගත් විට, රජය කෝටා ක්‍රමයක් යෝජනා කළා. එහෙත් නිසි යටිතල පහසුකම් නොමැති නිසා මෙය ක්‍රියාත්මක වුණේ නැහැ. කළමනාකරණය කළ හැකි මට්ටමට පෝලිම් අඩු කරන අතර ම සියලු වාහන හිමිකරුවන්ට සතිපතා කෝටාවක් සහතික කළ හැකි සැළසුම් සහගත පද්ධතියක් අවශ්‍ය වුණා. එවැනි පද්ධතියක් ඉදිරිපත් කිරීමේ කාර්යය පැවරුණේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) වෙත.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කඩිනම් කාල රාමුවක් ඉල්ලා සිටියා. ජූලි 15 න් පසු අමාත්‍යාංශයට පෙට්‍රල් සහ ඩීසල් තොග ලැබෙනු ඇති බැවින් ඒ වන විට පද්ධතිය ස්ථාපිත කිරීමට අවශ්‍ය බව ඔහුගේ ඉල්ලීම වුණා. නියමු ව්‍යාපෘතියක් පවා සැකසීමට තිබුණේ ඉතාත් සුළු කාලයක්.

“ප්‍රශ්නය වුණේ අපිට ආයෙත් පෙර තිබූ තත්ත්වයට එන්න බැරිවීමයි,” එවකට ICTA හි සභාපති ජයන්ත ද සිල්වා සිහිපත් කරනවා.

“පෝලිම් කෙතරම් දරුණු ලෙස දිගු වී තිබේද යත්, රාජ්‍යයේ විශ්වසනීයත්වය නැති වී ගිහින්.” වඩාත්ම ක්ෂනික ප්‍රමුඛතාවය වූයේ එම විශ්වසනීයත්වය යළි ස්ථාපිත කිරීමයි. මෙය මනසේ තබාගෙන, ICTA කණ්ඩායම රට පුරා සංචාරය කරමින්, එකින් එක ඉන්ධන පිරවුම්හල් නිරීක්ෂණය කළා.

“අපිට තේරුණා ත්‍රිරෝද රථ සහ යතුරුපැදි තමයි ලොකුම ප්‍රශ්නය මතු කරන්නේ කියලා. එ්වා යොදා ගනිමින් තෙල් විශාල වශයෙන් නිවෙස්වල ගබඩා කරන බව පෙණුනා. ඒ නිසා අත්‍යාවශ්‍ය සේවාවලට, කාර්මික වාහනවලට අවශ්‍ය ඉන්ධන අහිමිවුණා. එය රටේ ආර්ථිකය විනාශ කළා. විසඳුම පැහැදිළියි. මේ සන්දර්භය තුළ තාක්ෂණය මත පදනම් වූ විසඳුමක් පමණක් සාර්ථක වන බව අපි තේරුම් ගත්තා.”

මුල දී කෙටි පණිවුඩ පද්ධතියක් දියත් කිරීම ඔවුන්ගේ අදහස වී තිබිණි. නමුත් ජයන්ත ද සිල්වාගේ අදහස වූයේ කෙටි පණිවුඩ මත පදනම්ව එය අනිසි ලෙස භාවිතා කිරීමේ අවදානමට පවතින බවයි. ඒ වගේම කෙනෙකුට දුරකථන අංක කිහිපයක් භාවිතා කිරීමේ හැකියාව ද පවතිනවා. නිසැකවම, පද්ධතිය දැන් පවතින ආකාරයටම ක්‍රියාත්මක වනු ඇති. නමුත් කාංචන විජේසේකර සිටියේ සැකයෙන් බැවින් ඔවුන් SMS අදහස ඉවත් කර මෘදුකාංග යෙදුම් වෙත යොමු ව තිබෙනවා.

“යෙදුම් සමඟ, බාධක දෙකක් ඉවත් කිරීමට අවශ්‍ය වුණනා. භාවිතයේ පහසුව සහ පිරිවැය. විජේසේකර ඇමතිවරයා ඉතා පැහැදිලිව සිටි ස්ථාවරය වූයේ යෙදුමට පහසුවෙන් අනුවර්ථනය වීමට හැකිවීම සහ ඉය අඩු වියදම් වීම අත්‍යාවශ්‍ය බවයි.

සැලැස්මක් සකස් කිරීම

“සාමාන්‍යයෙන්, අපට ටෙන්ඩර් කැඳවීමේ සිට ප්‍රසම්පාදන සහතික කිරීම දක්වා දීර්ඝ ක්‍රියාවලියකට යාමට සිදුවෙනවා. නමුත් අපට වෙලාවක් තිබුණේ නැහැ. අමාත්‍යාංශය ඒ ගැන පැහැදිළිව දැන සිටියා. එතකොට අපිට මතක් වුනේ Dialog ආයතනයත් ICTA පවා භාවිතා කරන එවැනිම ක්‍රමයක් නිපදවා ඇති බවයි. එය අත්යවශ්යයෙන්ම ඉන්ධන අවසර පත්‍රයක්. ඔබට කාඩ්පතක් මිලදී ගැනීමට සිදු වූ අතර එය භාවිතා කළ හැක්කේ තෝරාගත් ස්ථාන ගණනක පමණයි. අපගේ අවශ්‍යතා සඳහා සුදුසු යෙදුමක් සංවර්ධනය කළ හැකි කදිම පදනම මෙය බව අපට හැඟී ගියේය. ICTA කණ්ඩායම ඩයලොග් සමඟ සාකච්ඡා කළා. ඔවුන් අප සමඟ සාකච්ඡා කිරීමට කැමති වුණා වගේ ම,  ඔවුන් අපට පද්ධතියේ මූලික සැකැස්ම නොමිලේ ලබා දුන්නා.

එක් ගැටලුවක් ඒ ආකාරයෙන් නිරවුල් වුණත්, තවත් ගැටලුවක් ඉක්මනින් ම මතුවුණා. මෙම ව්‍යාපෘතිය සඳහා කැප වූ සමස්ත ICTA කණ්ඩායම, පුද්ගලයන් 18ක් පමණ විය. මේ තරම් කඩිනමින් කරනු ලබන නිර්මාණයකට එම සංඛ්‍යාව ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ අනුව එය පෞද්ගලික අංශය සමඟ හවුල් වීමට තීරණය කළා. එය සාමාන්‍යයෙන් නොකරන නමුත් මෙහිදී කළ යුතු දෙයක්. එවිට තවත් අභියෝගයක් මතු වුණා.  “අමාත්‍යාංශයට අවශ්‍ය වූයේ අප සති දෙකකින් ක්‍ෂණික ප්‍රතිචාර (QR) කේතය ඉදිරිපත් කිරීමයි. නමුත් අපි නියමු අදියරක් ඉල්ලා සිටියා. මුලදී ඔවුන් පසුබට වුණා.”

ඔවුන්ට දත්ත ලබා ගැනීම අපහසු නොවුණි.

“වංචා සඳහා ඇති හැකියාව අවම කිරීමට අපට අවශ්‍ය වුණා. එබැවින් අපි ද්විත්ව සත්‍යාපනය භාවිතා කළා. QR කේතය ජනනය කිරීමට, ඔබට ඔබේ වාහන ලියාපදිංචි අංකය සහ චැසි අංකය අවශ්‍ය වුණේ මේ වංචා අවම කිරීමේ අවශ්‍යතාව නිසා.”

ICTA හි ප්‍රධාන තාක්ෂණ නිලධාරී ක්‍රිසාන්ත නානායක්කාර පළමු රැස්වීම් සහ සාකච්ඡා සිහිපත් කළේය.

“ඩයලොග් සඳහා ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය සකස් කළද Dialog සහ Millennium IT යන සමාගම් දෙකම සහයෝගය ලබා දීමට කැමැත්තෙන් සිටියා. අපගේ කාර්යභාරය වූයේ අපගේ පද්ධතිය සඳහා Application Programming Interfaces හෝ API සැපයීමයි. අපි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය API ලබා ගත්තා. රටේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය ලෙස අපට රජයේ ලේඛන සඳහා ස්වයංක්‍රීය ප්‍රවේශය තිබූ නිසා එහි වාසිය අපට හිමි වුණා. ඇතැම් විට මෙය පුද්ගලික ආයතනයකට කළ නොහැකි වේවි”

ආරම්භයේ සිටම ICTA ව්‍යාපෘතියේ දත්ත ආරක්‍ෂාව සහ ආරක්‍ෂක ඇඟවුම් ගැන සැලකිලිමත් වුණා. නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නියෝජිතායතනය සඳහන් කළේ, www.fuelpass.gov.lk යන Fuel Pass වෙබ් අඩවිය මගින් සැකසෙන ඕනෑම දත්තයක්, Fuel Pass පද්ධතියට පමණක් පහසුකම් සපයන බවයි.

“දින කිහිපයක් ගතවනවිට, දත්ත සුරක්ෂිත නොවන බවට සහ කේතන ක්‍රමයකින් ආරක්ෂා නොකරන බවට කටකතා පැතිරෙන්නට වුණා. ඒක ඇත්තක් නෙවෙයි කියලා අපි දිගින් දිගටම පැහැදිලි කළා. අපි සෑම විටම විනිවිදභාවයෙන් කටයුතු කළ අතර 2022 අංක 9 දරන පුද්ගලික දත්ත ආරක්ෂණ පනත ඇතුළුව අදාළ සියලුම නීතිවලට පූර්ණ අනුකූලතාවයෙන් කටයුතු කළා. අපි දත්ත භාවිත කළේ තොරතුරු වල නිවැරදි බව සහතික කර ගැනීම සඳහා පමණයි.

නිෂ්පාදනය සැලසුම් කිරීම

මීළඟ පියවර වූයේ Minimum Viable Product, MVP නිර්මාණය කිරීමයි.

“අපි වඩාත් කාර්යක්ෂම ප්‍රවේශයක් තෝරා ගත්තා,” ICTA හි අධ්‍යක්ෂ සහ මෘදුකාංග නිර්මාණ ශිල්පී සහ ජාතික ඉන්ධන අවසරපත්‍ර වැඩසටහනේ ප්‍රමුඛතම පුද්ගලයෙක් වන දසුන් හෑගොඩ, පෙන්වා දුන්නේය.

“අපට පාරිභෝගික ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමට අවශ්‍ය වුණා. ප්‍රතිපෝෂණ සම්බන්ධතා පාරිභෝගිකයාගෙන් පමණක් නොව, CPC සහ LIOC ඇතුළු ඉන්ධන පිරවුම්හල්වලින් සහ රජයේ දෙපාර්තමේන්තුවලින් ද ලැබීම වැදගත් වුණා. MVP සමඟින් ඔවුන් මුහුණ දුන් පළමු බාධකවලින් එකක් ලෙස හෑගොඩ සඳහන් කළේ චැසි අංකයයි. “සමහර ගනුදෙනුකරුවන්ට එය ලියාපදිංචි කිරීම දුෂ්කර බවට පැමිණිලි ඉදිරිපත් වුණා. ඒ නිසා ඊට ප්‍රතිචාර වශයෙන් අපි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තාවකාලික ලියාපදිංචි අංකයක් ඇතුළත් කළා. පසුව, “ඔබේ ගිණුම මකා දැමීමේ හැකියාව ඇතුළුව” ඔවුන් එයට තවත් විශේෂ අංග කිහිපයක් එක් කළා.

මේ කාර්යයේ දී අවශ්‍ය පිරිස්බලය ද ප්‍රමුඛතාවයක් විය. “අපට සිටියේ 1,000කට අඩු පිරිසක්, ඔවුන්ගෙන් ඩිජිටල් ක්ෂේත්‍රයේ සිටි අය 20කට වඩා අඩු සංඛ්‍යාවක්,” ජයන්ත ද සිල්වා විස්තර කළේය.

විශ්වසනීයත්වය පහත වැටී ඇති අවස්ථාවක, “ජනතාවට පද්ධතිය සන්නිවේදනය කිරීම ඉතා වැදගත් කරුණක්.

“ඉන්ධන පිරවුම්හල්වල පිළිවෙලක් පවත්වා ගැනීමට හමුදාව යොදාගෙන තිබුණද, පළමු දිනයේ සිටම අපට සාර්ථකත්වයක් ලබාගැනීමට නම් මෙය ශක්‍ය උපාය මාර්ගයක් නොවේ. එකම විසඳුම වූයේ තරුණයින් ගෙන්වා ගැනීම සහ ඔවුන් මේ ක්‍රමයට පුහුණු කිරීමයි. අපි 10,100ක් පමණ පුහුණු කළා. අපිට වෙලාවක් නැති නිසා පැය විසිහතරේම වැඩ කළා. අමතර පැය ගණනක් යොදවා ඔවුන් රැය පුරා වැඩ කළා. ජාතික තරුණ සේවා සභාවේ පිරිමි සහ ගැහැණු ළමුන් 5,100ක් පමණ මේ සඳහා දැඩිව කැප වූ අතර, දිසාපති, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ යොවුන් සේනාංකය වැනි අනෙකුත් ආයතන සහ  සංවිධාන ද විශාල දායකත්වයක් ලබා දුන්නා. මුලදී මේ ව්‍යාපෘතිය පිළිබද බොහෝ දෙනකු සැක කළත්. පසුව  ICTA නිලධාරීන්  සමඟ ඔවුන් වැඩි වැඩියෙන් සුබවාදී වීමට එයත් හේතුවක් බවට පත්වුණා.”

මුල සිට ම නියමු ව්‍යාපෘතියක් අවශ්‍ය බව කියා තිබිණි. එහි දී ප්‍රතිග්‍රහණ උපාය මාර්ග බාරව සිටියේ සහකාර ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි සමීර ජයවර්ධන යි.

ඔහු මෙසේ කියයි.

“අපේ අතේ විශාල අර්බුදයක් තිබුණා, අපිට අසාර්ථක වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අපගේ මුල පිරීම පුරවැසියන්ගේ සිට රජයේ දෙපාර්තමේන්තු දක්වා පාර්ශවකරුවන්ගේ සම්පූර්ණ පරාසයක් ආවරණය කළ යුතු වුණා. ඉන්ධන පිරවුම්හල් අයිතිකරුවන්ම, ඔවුන් 1,377 දෙනාම විවිධ පසුබිම් සහිත විවිධ ස්ථානවලින් පැමිණි අයයි. අපගේ මෙහෙයුම් සහතිකය වූයේ ‘ලොකු ලෙස සිතන්න, කුඩාවට පටන් ගන්න, වේගයෙන් අනුකරණය කරන්න.’ ඒ සඳහා අපි ඉන්ධන පිරවුම්හල් පහකින් ව්‍යාපෘතිය ආරම්භ නියමු ව්‍යාපෘතිය ආරම්භ කළා. ඉන්ධන පිරවුම්හල් දෙකක් බම්බලපිටියේ, එකක් පාගොඩ, එකක් Cinnamon Lakeside හෝටලය අසළ සහ අනෙක මල් පාරේ. මේ ස්ථානවල අපේ 60 දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් වැඩ කළා. ඔවුන් සියල්ලෝම ඔවුන්ගේ උපරිමය ලබා දුන්නා.”

ආරම්භයේ දී ම ඇති වූ අභියෝග දෙකකි.

“එක් අවස්ථාවක යෙදුම ක්‍රියා විරහිත වුණා. ඒ ජූලි 20 සහ 21 දෙ දින තුළදීය. අපි වහාම ගැටලුව නිවැරදි කළා. එවැනි වැරදි අපට දරාගත හැකියි. එය අපට වළක්වා ගැනීමට සිදු වූ විශාල වැරැස්දක්. අපි එසේ නොකළේ නම්, ජනතාව කලබල වීමට පටන් ගන්නවා.  දෙවැනි දවසේ අපි කලින් දවසේ සාර්ථක අසාර්ථක බව ගැන විශ්ලේෂණයක් කළා. බම්බලපිටිය, මල් පාර පිරවුම්හල් ගැන අපි අවධානය යොමු කළා. අපි QR කේතයක් නොමැතිව පාරිභෝගිකයින්ට ඉන්ධන ලබා දෙන විට සිදුව දේ නිරීක්ෂණය කළා, ඉස්සර වගේ නෙවෙයි, අපි කේතය අනිවාර්ය කළා. ඉන්පසුව අපි දිවයින පුරා යාමට පෙර තවත් සමාලෝචනයක් කළා. තුන්වැනි දවසේ අපි දිස්ත්‍රික්ක 25ක් පුරා පිරවුම්හල් 25ක පරීක්ෂණ ආරම්භ කළා.”

දීප ව්‍යාප්ත ව්‍යාප්තිය සඳහා අනුගමනය කිරීමේ උපාය මාර්ග නිශ්චිත විය යුතුයි. “අපිට පිරවුම්හල් අයිතිකරුවන් හැසිරවීමට සෑම පළාතකටම හරියට ම කණ්ඩායමේ සාමාජිකයින් නව දෙනෙක් සිටියා. ජනතාවට ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට පැය 24 පුරාම පාරිභෝගික සේවා අංකයක්, 1919 අප සතුව තිබුණා. ෆේස්බුක් හි අපි පද්ධතිය සඳහා යාවත්කාලීන කිරීම් නිකුත් කරන පිටුවක් ආරම්භ කළා. ඉන්ධන යාවත්කාලීන කිරීම් සඳහා පිහිටුවා තිබූ සමාජ මාධ්‍ය කණ්ඩායම් සමඟ අපි සම්බන්ධීකරණය දිගටම පවත්වාගෙන ගියා. ඔවුන් අප සමඟ ඉතා කැමැත්තෙන් සහයෝගයෙන් කටයුතු කළා. ජාතික තරුණ සේවා සභාව හරහා අපි ජනතා සහයෝගය ඒකරාශී කළා. අවසානයේදී, අපි ප්‍රගතිය, ප්‍රතිචාර සහ ප්‍රතිඵල මත වැඩ කළා. අපට අවශ්‍ය දේ අපට ලැබුණනා. සතියකටත් අඩු කාලයකට පසු, පෝලිම් අඩු වීමට පටන් ගත්තා. එය අපි බලාපොරොත්තු වූවාට වඩා ඉතා ඉක්මන් අඩුවීමක්.

ඉදිරිය බලනවා

අවශ්‍යතාවය යනු නව නිපැයුම්වල මව නම්, නිදහස යනු හඳුන්වාදීම පිළිගැනීමයි. ඉන්ධන අර්බුදය තවම අවසන් වී නැතත්, QR කේත පද්ධතිය සැලකිය යුතු ප්‍රමාණයකින්, බොහෝ ජනතාව සති ගණනක් නිමක් නැතිව පෙළ ගැසී සිටි පෝලිම් වලින් නිදහස් කිරීමට සමත්ව තිබෙනවා. පෝලිම් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී නැතත් ඒවා පෙර ඒවාට වඩා කෙටි වී තිබෙනවා. එය කේතය මත පමණක් නොව, වඩාත් තීරණාත්මක ලෙස අඛණ්ඩ ඉන්ධන සැපයුමක් මත රඳා පවතින කරුණක්.

ප්‍රශ්නය පහව ගොස් නැති බව ජනතාවට මතක් කර දෙමින් නිමක් නැති ප්‍රශ්නයකට විසඳුම් දීම, කදිම විසඳුමක් වුණා. බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින්ම සඳහන් කළ දෙයකි. “ජනන යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර, ත්‍රිරෝද රථ සහ කැබ් රථ වැනි දැනට පවතින වාහන සමඟ අපි නව ඛාණ්ඩ ඉදිරිපත් කරනවා,” ඒ සඳහා දසුන් හෑගොඩ මැදිහත් ව සිටිනවා.

ICTA සඳහා මෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද සතුටට පත් වූ ජයන්ත ද සිල්වා සම්මුඛ සාකච්ඡාව අවසානයේ සඳහන් කළේ “ඉන්ධන කළමනාකරණය සඳහා QR කේත භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව රටවල් කිහිපයක් අප හා සම්බන්ධ වී ඇති බවයි. මේවායින් සමහරක් බටහිර රටවල් ද ඇතුළුව සංවර්ධිත ආර්ථිකයන් සහිත රටවලී වීම විශේෂත්වයක්.

ඔවුන් මුහුණ දුන් දුෂ්කර ක්‍රියාවලිය සිහිපත් කළ ද සිල්වා, “සියලු මාර්ගය ඔස්සේ අපව දිරිමත් කළ” විජේසේකර අමාත්‍යවරයාට කෘතඥතාවය පළ කිරීමට ද අමතක කළේ නතැ. ඔහු පෙන්වා දුන්නේ “තම උපාය මාර්ග ප්‍රතිසංවිධානය කිරීමේ සහ පුද්ගලික අංශය සමඟ හවුල්කාරිත්වයකට පැමිණීමේ” නිරතව සිටින බවයි. විශේෂයෙන්ම “අපගේ විශාලතම, ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඇතුළුව” ඉදිරියේදී පැමිණීමට නියමිත ව්‍යාපෘති සඳහා මෙය දෙපාර්ශවයටම ජයග්‍රාහී තත්වයක් වනු ඇති බවට සැකයක් නැතැය ඔහු පවසයි.

තාක්ෂණික නවෝත්පාදනයන් කට වචනයට සීමා වී ඇති රටක, ඉන්ධන අවසර පත්‍රය රටේ සාමාන්‍ය පැලැස්තර විසඳුමට වඩා සාර්ථක වී ඇති බව නොරහසකි. එය රාජ්‍ය ආයතනයකට පෞද්ගලික ආයතන සමඟ කටයුතු කළ හැකි ආකාරය සහ එවැනි සහයෝගීතාවයකින් ජනතාවට ප්‍රතිලාභ අත්වන්නේ කෙසේද යන්න පිළිබඳ පරිපූර්ණ සිද්ධි අධ්‍යයනයකි. ඩොලර් අර්බුදය, ඉක්මනින්ම පහව යන්නේ නැති බව නිසැකය. ඉන්ධන හිඟය ද එසේමය. මේ ගැටලු නිරාකරණය වී රට පෙර පැවැති ආකාරයට නැවත පත්වන තුරු, ඉන්ධන අවසර පත්‍රය සතිපතා කෝටා සහතික කරනු ඇති අතර, පෝලිම් අවම වනු ඇත. මාස දෙකකට පෙර දින නියමයක් නොමැති ඉන්ධන හිඟයක් පිළිබඳ පුවතකින් අවදි වූ ලාංකිකයෝ නැවුම් වාතය සහිත හුස්මක් ගන්නා බව පෙනෙයි.

සටහන: මෙම සම්මුඛ පරීක්ෂණය ව්‍යාපෘතිය දියත් කිරීමෙන් පසු පැවැත්විණි.

ලේඛකයා Factum ආයතනයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ප්‍රධාන විශ්ලේෂකවරයා ය. [email protected] මගින් සම්බන්ධ විය හැකියි.

Factum යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන්, රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාව සහ උපාය මර්ගික සන්නිවේදනයන් පිළිබඳ ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!