spot_img
spot_imgspot_img

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය සඳහා නව ඒකකයක් පිහිටුවයි

පුවත්

විදෙස්

රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම හෝ එහි පාලනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඒකකයක් ස්ථාපිත කළ යුතුයැයි මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහහ ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල ‍යෝජනාවකට අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකකය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිප්තති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා රජය සතු පාඩු ලබන ආයතන විශාල සංඛ්‍යාවක් ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුව ඇත. එම කරුණට රජය කොන්දේසියක් ලෙස එකඟතාව ප්‍රකාශ කර තිබේ.

කාර්යසාධනය අසතුටුදායක තත්වයක පවතින රාජ්‍ය වාණිජ ව්‍යාපාරයන් දිගින් දිගටම පාඩු ලබමින් පවතින බැවින් එවැනි ව්‍යාපාර කාර්යක්ෂම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා විකල්ප යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතුව ඇති බවත් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ දක්වා ඇත.

ස්ථාපිත කිරීමට අනුමැතිය ලැබී ඇති නව ඒකකය මගින් රජය සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මගපෙන්වීම සහ සහය වීම සිදුකරනු ඇත.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!