spot_img
spot_imgspot_img

ආචාර්ය හර්ෂ රාජ්‍ය මුදල් පිළිබඳ තම වගකීම ඉටුකිරීම අරඹයි

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම අද (23) ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් පැවැත්විණි.

2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහ වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත කාරක සභාවේ දී සළකා බලා ඇති අතර ඒ සඳහා අනුමැතිය ලබා දීම අද සිදුකෙරුණු ප්‍රමුඛ කාර්යයක් විය.

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග සඳහා ද 2007  අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ ද නියමයන් සඳහා සහ රේගු පනවත (235 වන අධිකාරිය) යටතේ යෝජනා සම්මතයන් සඳහා ද අද දිනයේ කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!