spot_img
spot_imgspot_img

ට්‍රැකටරයක් පෙරැළී කාන්තවන් තිදෙනකු මරුට

පුවත්

විදෙස්

පුද්ගලයන් 21 දෙනකු රැගෙන ගමන්කරමින් තිබූ ට්‍රැක්ටරයක් අද (20) උදෑසන පෙරැළී කාන්තාවන් තිදෙනකු මියගොස්  තවත් පිරිසක් බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ මුතූර් පච්චනූර් ප්‍රදේශයේ දී ය.

පොලිසිය පවසන්නේ මුතූර්, කොට්යාරම්මූල රජමහා විහාරයේ පැවැති ශ්‍රමදානයකට සහභාගී වීම සඳහා මෙම පිරිස ට්‍රැක්ටරයේ නැගී ගමන් කරමින් සිටි බවයි.

තුවාල ලැබූ පිරිස මුතූර් රෝහලට ඇතුළත් කර සිටිති. මියගිය පුද්ගලයන් සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද මුතූර් රෝහලේ දී සිදුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!