spot_img
spot_imgspot_img

ගාල්ලේ කපුවා බේරාගැනීමට, ලොකු ලොක්කෝ විශේෂ මෙහෙයුමක. දරුවන්ට ලක්ෂ ගණනින් මුදල් දෙයි

පුවත්

විදෙස්

පාසල් සිසුන් විශාල පිරිසක් ලිංගික අපයෝජනයට ලක්වීමේ චෝදනා ලැබ සිටින, ගාල්ල උණවටුන මැටරඹ දේවාලයක කපුවා බේරාගැනීම සඳහා අගතියට පත් දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට කිසියම් පිරිසක් දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව වාර්තා වෙයි.

මෙම දේවාලය පවත්වාගෙන ගිය කපුවා ‍ලබන 23 වැනි දා දක්වා රිමාන්ඩ් කර තිබේ. ඔහු කීර්ති කුමාර බටගොඩ නමැති 44 හැවිරිදි දෙදරු පියෙකි.

පිරිමි දරුවන් ලිංගික අපයෝජනයට ලක්කර එම අවස්ථාවල දී වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා විදෙස් රටවලට විකුණා ඇතැයි චෝදනා ලැබ සිටින ඔහු කෝටිපතියකු බවත් රථවාහන රැසක් සහ නිවාස කිහිපයක් භාවිතා කළ අයකු බවත් හෙළි වී ඇත.

දේවාලයට හබරාදුව පොලිසියෙන් ආරක්ෂාව පවා ලබා දී ඇති අතර ඔහු තම ආරක්ෂාවට පුද්ගලික ආරක්ෂක නිලධාරීන් 09 දෙනකු ද භාවිතා කර තිබිණි

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ම උත්සාහ ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ම පවසයි.

එම කපුවා අත්අඩංගුවට ගත් මොහොතේ සිට අගතියට පත් දරුවන්ගේ නිවෙස්වලට පැමිණ සහ ඔවුන්ගේ දෙමාපියන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් එකතරා පිරිසක් විවිධ ත්‍යාග සහ අති විශාල මුදල් ලබා දෙන බවට පොරොන්දුවන බවත්, එම මුදල් ලබාගෙන මේ සිද්ධිය යට ගැසීමට කපුවාට වාසිදායක වන ලෙස දරුවන්ගේ සාක්ෂි වෙනස් කරන ලෙසත් බලපෑම් කරමින් සිටිති.

දෙමාපියන් පවසන්නේ මෙලෙස තමන්ට බලපෑම් කරන පුද්ගලයන් අතර පොලිස් නිලධාරීන්ද, ප්‍රදේශයේ ප්‍රභූ වරුන් සහ දේශපාලන හිතවතුන් ද සිටින බවයි.

දරුවන් අධිකරණයට ගෙන යාමෙන් සහ එහි දී සාක්ෂි ලෙස යොදා ගැනීමෙන් දරුවන්ගේ අනාගතය අඳුරුවිය හැකි බව පවසමින් ඔවුන් එසේ නොකිරීමට ලක්ෂ ගණනින් මුදල් ලබා දීමේ පොරොන්දු දෙන බව ද දෙමාපියෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!