spot_img
spot_imgspot_img

රන්ජන් සමාව ඉල්ලීමේ ලිපියට අත්සන් කරයි

පුවත්

විදෙස්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිර දඬුවම් විදිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමන්ගෙන් සිදුවූ වරදට සමාව දෙන්න යැයි  ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වූ විගස රන්ජන් රාමනායකට සමාව ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න යැයි අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට දැනුම් දී තිබිණි.

ඒ අනුව අවශ්‍ය සියලු ලේඛන සකසා අගවිනිසුරුවරයාගේ නිර්දේශ සඳහා ද යොමුකර තිබිණි. ඔහුට ජනාධිපති සමාව ලබාදීම සඳහා අත්‍යාවශ්‍ය ලේඛන අතර තමන්ට සමාව ලබාදෙන ලෙස ඉල්ලීමේ ලේඛනයක් ද තිබේ. ඒ අනුව එම ලේඛනය සිය නීතිඥවරුන්ගේ මාර්ගයෙන් සකසා ඊට ඔහු අත්සන් තබා ඇතැයි ද වාර්තා වේව.

ඒ අනුව ලබන සතියේ දී ඔහුට ජනාධිපති සමාව නිල වශයෙන් හිමිවීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!