spot_img
spot_imgspot_img

අරගලය අතහැර දැමීමට සිතෙනවා යැයි අරගල බිමේ වස් වසන භික්ෂුවක් කියයි

පුවත්

විදෙස්

ගාලු මුවදොර අරගලය දිගටම පවත්වාගෙන යනවාද  නැතිනම් එය අතහැර දමනවා ද යන්න පිළිබඳ හෙට (09) තීරණයක් ගන්නා බව ධම්ම සුජාත හිමියෝ කියති.

හිමියෝ පවසන්නේ තමන් ගාලු මුවදොර අරගල භූමියේ වස් සමාදන්ව සිටින බවයි.

“අප්‍රේල 09 වැනි දා සිට අරගල භූමියේ සිදුවන සියලු දේ ගැන අපි නිහඬව බලා සිටියා. මෙතැන විශාල සෙනඟක් හිටියා. නමුත් අද කී දෙනා ද ඉන්නේ. මෙච්චරකල් සිස්ටම් චේන්ජ් අවශ්‍යයි කියාගෙන ආපු අය ඇවිත් තියේනනේ ඇත්තටම තමන්ගේ පක්ෂය රජ කරවන්න. තියෙන ආණ්ඩුව අයින් කරගන්න. නැතිව සිස්‍ටම් චේන්ජ් එකකට නෙවෙයි. හෙට අගෝස්තු 09 වැනි දා මේ භූඹියේ මෙතෙක් කාලයක් කරගෙන ආපු අරගලයේ ප්‍රතිඵලයක් නැත්නම් අපි මේක හෙටින් නතර කරනවා.”

මේ වනවිට අරගල භූමියේ ඉතිරිව ඇත්තේ කූඩාරම් 15ක් වැනි ප්‍රමාණයක් බව මාධ්‍යවේදීහු කියති.

පොලිසිය පැමිණ අරගලකරුවන්ට 05 වැනි දා සවස 5.00ට පෙර ඉවත්වන්න යැයි කී පසු එතැන සිටි අරගලකරුවන්ගේ පිරිසක් ස්වේච්ඡාවෙන් ම ඉවත් වී තිබිණි. ඉන් පසු එම නියෝගයට එරෙහිව පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමඟ නීතිපතිවරයා ලබන 10 වැනි දා දක්වා අරගල භූමියේ තාවකාලික ඉදිකිරීම් ඉවත් නොකරන බව අධිකරණයට දන්වා තිබිණි. එම පෙත්සම් සම්න්ධ තීරණය ලබන 10 වැනි දා ලබාදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!