spot_img
spot_imgspot_img

ගාල්ලේ පෝළිම් නැති ෂෙඩ්. QR ක්‍රමය සාර්ථක වන ලකුණු

පුවත්

විදෙස්

ජාතික ඉන්ධන බලපත්‍රය (QR ක්‍රමය) අනුව ඉන්ධන ලබාදීම සාර්ථක වෙමින් තිබෙන බව අද (29) ගාල්ල පෙට්ටිගලවත්ත ඉන්ධන පිරවුම්හළේ දී නිරීක්ෂණය කළ හැකිවිය.

අද උදෑසන සිට එම ඉන්ධන පිරවුම්හලේ දිගු පෝලිමක් දක්නට ලැබුණ ද ජාතික ඉන්ධන බලපත්‍රය අනුව නියමිත ඉන්ධන සීමාවට අනුව ඉන්ධන ලබා දී එහි පෙට්‍රල් පෝළිම අවසන්විය. ඉන් පසු පෝළිමක් නොමැතිව ඉන්ධන ලබා ගැනීම බොහෝ දෙනකුට අවස්ථාව උදා වී තිබිණි.

ඉන්ධන ලබාගැනීමට පැමිණි අය පවසන්නේ QR ක්‍රමය භාවිතා කරමින් නිශ්චිත ප්‍රමාණයක් ඉන්ධන ලබාදීම හේතුවෙන් තෙල් ලබාගත් පසු එය රථයෙන් ඉවත්කර ගබඩාකරගෙන නැවත පැමිණෙන පුද්ගලයන්ට මේ ක්‍රමයට ඉන්ධන ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් පෝළිම් අවසන් වූ බවයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද පවසන්නේ ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව සීමිත ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කිරීමත් අංක තහඩුවේ අවසන් අංක අනුව දින වෙන්කර ඉන්ධන ලබාදීමත් හේතුවෙන් ඉක්මණින්ම ඉන්ධන පෝළිම් අවසන් කිරීමට හැකියාව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!