spot_img
spot_imgspot_img

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විදෙස් පුහුණු අත්හිටුවයි

පුවත්

විදෙස්

විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍යවරුන් යොමුකිරී ‍තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් ඒ සඳහා ගෙවීමට ඩොලර් නොමැතිවීම මෙවැනි තීරණයක් ගැනීමට හේතුවක් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පශ්චාත් වෛද්‍ය උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමුකරමින් කියා සිටියි.

ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස දැනටමත් විශේෂඥ වෛද්‍යවරු විශාල පිරිසක් විදෙස් ගත වෙමින් පවතින අතර මෙලෙස විශේෂඥ වෛද්‍ය පුහුණුව ඇණ හිටියොත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිය සේම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය ම බරපතළ අර්බුදයකට ලක් වනු ඇත.

පශ්චාත් වෛද්‍ය උපාධිය හදාරන වෛද්‍යවරුන් අදාල පුහුණු පාඨමාලාවට අතුළත් වීමේ දී නිකුත් කරන උපදේශ ග්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ විදේශීය වෛද්‍ය පුහුණුව අනිවාර්ය අංගයක් බවයි. විදේශීය වෛද්‍ය පුහුණුව ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පත්වීමට හැකියාවක් නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ තීරණයෙන් රටට බරපතල අනර්ථයක් සිදුවන බව සඳහන් කරමින් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබේ.

එම සන්ධානයේ සභාපති මාධ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සහ සහ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර දෙදෙනාගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ විශේෂඥ වෛද්‍යවරුන් හරහා රටට විදේශ විනිමය ලබාගැනීමට ද හැකියාවක් ඇති අතරම රටේ සමාජ හා සෞඛ්‍ය උන්නතිය සඳහා විශේෂඥ වෛද්‍ය පුහුණුව නිසි පරිදි පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය බවයි. එබැවින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ තීරණය හකුළා ගන්නා ලෙසත් වෛද්‍යවරුන්ට විදේශ පුහුණු පාඨමාලා සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන ලෙසත් එම සන්ධානය ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!