spot_img
spot_imgspot_img

ඉන්ධන බෙදාහැරීමට නීතිඥ සංගමේ යෝජනාව

පුවත්

විදෙස්

ඉන්ධන බෙදාහැරීම වඩාත් විධිමත්ව සිදුකිරීමට අවශ්‍ය යෝජනාමාලාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (26) අධිකරණයට දැනුම් දුන්නේය.

විදුලිය, ඉන්ධන, ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් විධිමත් ලෙස සහ හිඟයකින් තොරව ජනතාවට බෙදා දෙන්න යැයි රජයට නියෝග කරන ලෙස ඉල්ලමින් නීතිඥ සංගමය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (26) කැඳවූ අවස්ථාවේ දී එම සංගමය මේ බව කියා සිටියේය.  

විජිත් මළල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද මෙම පෙත්සම් කැඳවනු ලැබීය.

නීතිපතිවරයා වෙනුවෙන් එහි දී කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ කියා සිටියේ පසුගිය 18 වැනි දා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිඥ සංගමයේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් පැවැති බවයි.

නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කරුණු දක්වමින්, එම රැස්වීමට දිස්ත්‍රික් ලේකම්වරුන් ද සහභාගී වූ බවත් ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීමට යෝජනා ඉදිරිපත් කළ බවත් කීවේය. එම යෝජනා මාලාවේ අන්තර්ගත කරුණු නිලධාරීන් අධ්‍යයනය කරමින් සිටින බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් කීවේය.

මෙම කරුණු සැළකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ලබන අගෝස්තු 05 වැනි දා එම පෙත්සම් නැවත කැඳවීමට තීරණ්‍ය කළ අතර එහි දී යෝජනාවල ප්‍රගතිය පිළිබඳ අධිකරණයට දැනුම් දීමට ද දෙපාර්ශවය එකඟ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!