spot_img
spot_imgspot_img

තෙල් මිල අඩු කරන බව කංචන කියයි

පුවත්

විදෙස්

සෑඹ මාසයක ම 01 වැනි දා සහ 15 වැනි දා මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ බෙ‍ාරතෙල් මිල පහළ ගොස් ඇති බැවින් මීළඟ මිල සංශෝධනයේ දී ඉන්ධනවල මිල පහත දැමීමට හැකිවනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා පවසන්නේ ආර්ථික අර්බුදය උච්ඡතම අවස්ථාවට පත්වීමට පෙර ඉන්ධන ආනයනයේ දී මාස 06ක ණය කාලයක් ලැබුණ ද දැන් එය නොලැබෙන බවයි. එබැවින් පැමිණෙන නැව්වලට මුදල් ගෙවා ඉන්ධන මිල දී ගැනීමට සිදුවන බව ඔහු පවසයි.

මේ වනවිට ඩීසල් නැව් දෙකක ඉන්ධන ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ සංචිතයට එකතුකර ඇති බවත්, පෙට්‍රල් නැව් දෙකක ද තෙල් ලැබී ඇති බවත් හෙතෙම කියයි. ඔහු පවසන්නේ දැවිතෙල් නැවක ද ගොඩබෑම් මේ වනවිට සිදුවන බවයි. තවත් ඩීසල් නැවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ඇති බැවින් එයට මුදල් ගෙවීමට කටයුතු කරන බව ද කංචන විජේසේකර අමාත්‍යවරයා කියා සිටියේය.

ඉදිරියේ දී නෞකා හයක් සඳහා දැනටමත් ඇණවුම් ලබා දී ඇති බවත් ඒ සඳහා දින 20-30කට පෙර මුදල් ගෙවීමට සිදුවන බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!