spot_img
spot_imgspot_img

ජනාධිපතිගේ නිවසට ගිනි තැබුවා යැයි සැක, විසි දෙනකු හඳුනාගෙන

පුවත්

විදෙස්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයන් 20 දෙනකු හදුනාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් හඳුනාගෙන ඇත්තේ එම ගිනි තැබීම සිදුවන අවස්ථාවේ දී එම ස්ථානයේ රැඳී සිටි පිරිස් විසින් සමාජ මාධ්‍යයේ පළකර තිබූ වීඩියෝ සහ ඡායාරූප මෙන් ම මාධ්‍ය ආයතනවලින් ගත් සංස්කරණය නොකළ දර්ශන විමර්ශනය කිරීමෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පවසන්නේ එම 20 දෙනා අතර නිවස ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරෙමින් නිවසට බලහත් කාරයෙන් ඇතුළු වූ පිරිසක්, නිවසට ඇතුළුවීම සඳහා අන් අය පොළඹවන ලද පිරිසක් ද සිටින බවයි.

එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන්ගේ මුහුණු මාධ්‍ය වෙත නිකුත් කරන බවත් අපරපාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස සිටිය දී පසුගිය 09 වැනි දා ඔහුගේ පෞද්ගලික නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පුත්‍රයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණ ද ඔහු මේ වනවිට රටින් බැහැරව සිටියි. එබැවින් ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය ගැනීමට සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔහු මේ වන විට ඩුබායි සිට එංගලන්තයට ගොස් ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!