spot_img
spot_imgspot_img

රට ගිනි තියන, මුලතිව් කුරුන්දි විහාරයේ ඇත්ත කතාව මෙන්න. රට ම නොමග යැවීමේ උත්සාහයක්

පුවත්

විදෙස්

මුලතිව් කුරුදුමලේ විහාරය හෙවත් කුරුදුමලේ විහාරයේ පුරාවිද්‍යාත්මක ඉදිකිරීම් ඉවත්කරන ලෙස ද්‍රවිඪ සහ හින්දු බලපෑමකින් අධිකරණය නියෝගයක් දී ඇතැයි පවසමින් නැවත වතාවක් ශ්‍රී ලංකාව තුළ ජාති සහ ආගම් වාදය වැපිරවීමේ සංවිධානාත්මක වැඩපිලිවෙළක් පිළිබඳ බුද්ධිඅංශවල පවා අවධානය යොමුව තිබේ.

අධිකරණයෙන් ලබාදුන් නියෝගයක් විවේචනය කරමින් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ වනවිට එලෙස ජාතිවාදය වපුවරමින් සිටින බව නිරීක්ෂණය වෙතැයි සමාජ මාධ්‍ය විශ්ලේෂකයෝ පවා කියති.

මෙය පිටුපස සංවිධානාත්මක ආගමික කණ්ඩායමක් සිටින බව ද ඔවුන් අධිකරණ නියෝගයකට වැරදි අර්ථකථනයක් දෙමින් අධිිකරණයට අපහාසයක් පවා සිදුකරන බව ද එම විශ්ලේෂකයෝ පවසති.

සමාජ මාධ්‍ය ජලායන්හි ඇති ප්‍රජා ප්‍රමිතීන් ආනුව ආගමික වෛරය වැපිරවීම, ජාතිවාදය වැපිරවීම එම සමාජ මාධ්‍ය ගිනුම් තාවකාලිකව හෝ ස්ථිර වශයෙන් අවහිර වීමට හේතු‍වක් වන අතර එක්තරා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් සිදුකරනු ලබන අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ බෞද්ධාගමට ලැදි පිරිසක් සමාජ මාධ්‍ය ප්‍රජා ප්‍රමිතීන් දැඩි ලෙස උල්ලංඝනය කරමින් සිටියි.

මුලතිව් තන්නිමුරුප්පු ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති කුරුඳුමලේ විහාරස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයකි. පුරාවිද්‍යා රක්ෂිතයන්හි නව ඉදිකිරීම් වෙනස්කිරීම් සම්පූර්ණයෙන් ම තහනම් වෙයි. නමුත් මේ ස්ථානයේ පසුගිය යුද සමයේ දී හින්දු කෝවිලක් ඉදිකර තිබූ අතර බෞද්ධ විහාරස්ථානයේ නටඹුන්වලට පරිබාහිරින් එම කෝවිල සාදා තිබිණි.

පසුව උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ සන්තබෝධි හිමියන්ගේ මෙහෙයවීමෙන් මේ ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමින් ආරක්ෂක හමුදාවේ ද ශ්‍රම දායකත්වයෙන් නව දාගැබක්, බුදු මැදුරක් ඇතුළු ඉදිකිරීම් ආරම්භ කර තිබිණි.

මීට පෙර මුලතිව් අධිිකරණයට ගොනු කරන ලද නඩුවක් විභාග කළ මුලතිව් අධිිකරණය එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු එම ස්ථානයේ නව බෞද්ධ ඉදිකිරීම් හෝ කෝවිලේ හේා ඉදිකිරීම් නොකරන ලෙසයි.  එය කෝවිලේ බාරකරුවන්ට සහ බෞද්ධ විහාරාධිපිත ගල්ගමුවේ සන්තබෝධි හිමියන්ට දැනුම් දී තිබිණි.

නමුත් එම නියෝග නොතකා දෙපාර්ශවයම නව ඉදිකිරීම් කරන බව පසුගිය දා අධිකරණයේ දී අනාවරණය වී තිබිණි. මුලතිව් මහේස්ත්‍රාත් ආර්.ස්වර්ණරාජා විසින් ඒ/ආර්/673/18 දරණ නඩුව කැඳවූ අවස්ථාවේ දී එම කරුණු පිළිබඳ සොයා බලා පසුගිය 14 වැනි දා නියෝග කර ඇත්තේ එම පුරාවිද්‍යා රක්ෂිත භූමියේ සිදුකර ඇති බෞද්ධ හා හින්දු නව ඉදිිකිරීම් සියල්ල කඩා ඉවත්කරන ලෙසයි.

නමුත්, එහි දී පුරිවිද්‍යාත්මක ඉදිකිරීම්වලට හානි සිදු නොවිය යුතු බව ද අධිකරණ නියෝගයේ දැක්වේ.

ඒ අනුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් නියෝගය හේතුවෙන් සියවස් ගණනාවක් පැරණි පුරාවිද්‍යාත්මක නටඹුන් මත ඉදිකරමින් පවතින නව දාගැබක අර්ධවශයෙන් සිදුකර ඇති ඉදිකිරීම්, බුදු මැදුරක් සහ තවත් ඉදිකිරීම් කිහිපයක් ද කෝවිල වෙනුවෙන් කරන ලද ඉදිකිරීම් කිහිපයක් ද කඩා දැමීමට නියමිතය.

එසේ වුව ද, මුලතිව් අධිකරණයෙන් කරන ලද එම නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා වව්නියාව මහාධිකරණයේ නඩු පැවරීමට ද මේ වනවි පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්ත වෙයි.

එම නව ඉදිකිරීම් සියල්ල ඉවත්කර ලබන ජූලි මස 29 වැනි දාට අධිකරණයට වාර්තාවක් ඉදිරපත් කරන ලෙස ද මුලතිව් මහේස්ත්‍රාත්වරයා මුලතිව් පොලිසියට නියෝග කර තිබේ.

කුරුන්දක, කුරුන්ද, කුරුන්දවේලි යනුවෙන්ද මෙම පූජා භූමිය අතීතයේ හඳුන්වා ඇති බවට වංශකතාවල සඳහන් වෙයි. .

ඛල්ලාඨනාග රජු ක්‍රි.ව.100 සහ 103 සියවස්හීදී කුරුඥපාසක නම් මෙම විහාරස්ථානය ගොඩනැගු බවත්, පළමුවන අග්බෝ රජු ක්‍රි.ව. 571 සහ 604දී කුරුන්දක විහාරය පිළිසකර කරවා කුරුන්දවාපි නම් වැවක්ද, පොල් උයනක්ද කරවා පූජා කළ බවත් සඳහන් වේ. ඉන් පසු පළමුවන විජයබාහු රජු ක්‍රි.ව. 1055 සහ 1110 දී කුරුන්දි විහාරයට විවිධ අනුග්‍රහ දැක්වූ බවත්, දෙවන පැරකුම්බා රජු විසින් ක්‍රි.ව. 1236සහ 1270 කාලයේදී මෙහි පැවති කාලිංග මාඝගේ බල කොටුවක් විනාශ කළ බවත් වංශකතාවල දැක්වෙයි.

මෙම පුරාවිද්‍යාත්මක ස්ථාන මෙරට පුරාවිද්‍යාවේ ඉතාමත් වැදගත් සහ දුර්ලභ වටිනාකමක් සහිත ස්ථානයකි. එහි දාගැබ ඇතුළු බොහෝ ගොඩනැගිලි ක‍බොක් ගලින් නිර්මාණය කර ඇති අතර එවැනි ස්ථානයක් මෙරට වෙනත් තැනකින් හමුවන්නේ නැත. එමෙන් ම මහායාන ආගමික සම්ප්‍රදායන් අනුව ඉදිකරන ලද විහාරයක් බැවින් එම සම්ප්‍රදායේ නිර්මාණ ස්වභාවය අධ්‍යයනය කිරීමට ඉතාමත් වැදගත් පුරාවිද්‍යාත්මක බිමක් ලෙස මේ ස්ථානය හඳුනාගෙන ඇත.

අධිකරණය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පනත සෑඹ පනතකටම වඩා ඉහළින් පවතින බැවින් මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක උරුමය ආරක්ෂා කිරීම කළ යුතු බවයි. එබැවින් නව ඉදිකිරීම් කිසිවක් සිදු නොකළ යුතු බව ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ජාතිවාදය සහ ආගමික වෛරය පතුරුවන අසත්‍ය පළකිරීම් කිහිපයක් පහතින්. අධිකරණ නියෝගයක් මේ ආකාරයෙන් විවේචනය කිරිම අධිකරණයට අපහාස කිරීමේ වරදක් ද වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!