spot_img
spot_imgspot_img

ගෝඨාභය මාලදිවයිනෙන්, සිංගප්පූරුව බලා යාමට සූදානම්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (14) ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යහ්න 12.00ට පමණ මාලදිවයිනෙන් පිටව යාමට නියමිතව තිබිණි.

සෞදි ගුවන් සේවයට අයත් යානයකින් හෝ පුද්ගලික ජෙට් යානයකින් ඔහු පිටත්වීමට නියමිත බව එරට සිටින මාධ්‍යවේදීහු කියති. ගමන්කරන යානය මෙතෙක් තහවුරු වී නැත.

මේ වනවිට ඔහු, බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනා සෞදි ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශ පත්‍ර නිකුත් ලබාගෙන ඇත. ඒ සිංගප්පූරුව බලා යාමටය. නමත් ඔහු ගමන් කරන්නේ පුද්ගලික ජෙට් යානයේ බව ද එහි මාලේ පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රකාශකයෝ කියති.

සිංගප්පූරු රජය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව තහවුරු කරන බවට සහතිකයක් ලබා දී ඇතැයි ද ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. ජනාධිපතිවරයා මාලදිවයිනෙන් පිටත්වීමට පෙර එරට හිටපු ජනාධිපති වර්තමාන කතානායක මොහොමඩ් නෂීඩ් හමුවී සාකච්ඡා කර තිබේ. නෂීඩ් දේශපාලන රැකවරණය ඉල්ලා ශ්‍රී ලංකාවට පැමිණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ මෙරට ආරක්ෂිතව රැඳී සිටිය අයෙකි.

ශ්‍රී ලංකාවේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරයා සිංගප්පූරුවට ගිය පසු තම ඉල්ලා අස්වීඹ ප්‍රකාශයට පත්කරනු ඇති බවයි.

නමුත් තවත් පාර්ශවයක අදහස වී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්නොවී වැඩ බැලීමේ කර්තව්‍යය රනිල් වික්‍රමසිංහට පවරා තවත් සති කිහිපයක් මේ ආකාරයට බලය පත්වාගෙන යාමට ඉඩ දෙනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!