spot_img
spot_imgspot_img

අනුරට අගමැතිකම දෙන්න, රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වෙයි ?

පුවත්

විදෙස්

අගමැති ධූරයත් කැබිනට් මණ්ඩලයත් බාරගෙන මාස හයකින් රට ගොඩනැගිය හැකියැයි පවසන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට අගමැතිධූරය බාර දීමට තමන් සූදානම් යැයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේ දී කිවේය.

රටට අහිමි වී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 20කට වැඩි බවත් දූෂණය වළක්වා සොයගත හැක්කේ ඉතා සුළු මුදලක් බවත් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට වැඩපිළිවෙලක් තියෙනවා නම්, ඒක සාර්ථක වෙනවානම් මම ඉල්ලා අස්වනේනම්. එතකොට කැබිනට් මණ්ඩලයත් ඉවත්වෙනවා. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා අනුර කුමාර මන්ත්‍රීතුමාට අගමැති ධූරය දෙන්න කියලා.”

අගමැතිවරයා මේ බව කියද්දී පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු ගෝඨා ගෝ ‍හෝම් කියමින් උද්ඝෝෂණයක් ඇරඹූහ.

“මම ඉල්ලා අස්වන්නම් කිව්වම ගෝඨා ගෝ හෝම් කියලා කෑ ගහනවා” කියා අගමැතිවරයා ඒ අවස්ථාවේ ගෝෂාව මධ්‍යයේ ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!