spot_img
spot_imgspot_img

IMF ශ්‍රී ලංකාවට උදව් නොකරන බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය හිඟය අඩු කිරීමේ සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුමකට එළැඹීම ආසන්නයේ පවතින බව ශ්‍රී ලංකා රජය ප්‍රචාරය කළ ද ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීවන් හැන්කේ සඳහන් කරන්නේ IMF ශ්‍රී ලංකාවට උදව් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ඔහු මේ බව ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා තිබේ.

“ශ්‍රී ලංකාව විනාශයේ දඟරයක පැටලී සිටිනවා. මේ වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය 122%ක්. ශ්‍රී ලංකාව IMF වැඩසටහන් 16ක් තිබෙනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ණයක් දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.” ඔහු එම පණිවිඩයේ සඳහන් කර ඇත.

මේ අතර ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත දේවරාජන් ජාත්‍යන්තර මාධ්‍ය ආයනයක් වන CNBC සමඟ පවසා ඇත්තේ කොළඹ දී ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා ගිවිසුමකට එළැඹීමකින් තොරව අවසන් වූ බවයි.

එසේ වුව ද එම සාකච්ඡා දිගටම කරගෙන යාමට IMF එකඟ වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ඉතා බරපතල අසමතුලිතතාවක් ඇති රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි. දිගු කාලයක් පුරා ඇති වූ මේ තත්වය නිවැරදි කිරීමට ප්‍රතිපත්තිමය තීරණ රැසක් ගත යුතු බව ද ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව 1948 නිදහස ලැබීමෙන් පසු මුහුණ දී ඇති දරුණුතම ආර්ථික කඩාවැටීමට ලක්ව සිටියි. ඉන්ධන ගෙන්වා ගැනීමට අවශ්‍ය ගෙවීම් වෙනුවෙන් ඇතැම් ණය ගෙවීම් පැහැර හැරීමට ද ශ්‍රී ලංකාවට සිදුවිය. සතියකට පමණ ප්‍රමාණවත් වන අයුරින් දැඩිව කළමනාකරණය කරගත හැකි ඉන්ධන තොගයක් ඉතිරිව තිබිය දී ඉන්ධන සැපයීම සීමා කිරීමට ද ශ්‍රී ලංකාවට සිදුවිය. එම තහනම සති දෙකක කාලයක් ක්‍රියාත්මක වුව ද ඉන් පසුව ඉන්ධන ලැබෙන ක්‍රමයක් ද ශ්‍රී ලංකා රජය සතුව නැත.

මහාචාර්ය දේවරාජන් පවසන්නේ වසර තුනකට පෙර 2019 දී ශ්‍රී ලංකා රජය බදු කප්පාදුව මේ ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව බවයි. “2019 නොවැම්බර් මාසයේ දී රජය සැළකිය යුතු ලෙස බදු අඩු කළා. එකතුකළ අගය මත බදු අනුපාතය 15% සිිට 8%ක් දක්වා අඩු කළා. මේ අර්බුදයට ප්‍රධාන හේතුව එය. මේ නිසා ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වුණා.”

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ ඉතාමත් ඛේදජනක ඉරණමකට ගොදුරු වූ රාජ්‍යයක් බවට පත්ව ඇති බවයි. ජනතාව වීදි බැස කරන උද්ඝෝෂණ, ඉන්ධන පෝළිම්, පොලිසිය සහ හමුදාව සමඟ ඇතිවන ගැටුම් කඩා වැටුණු රාජ්‍යයක ලක්ෂණ බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

“පාසල් වසා දමලා, මිනිසුන්ට පහර දීලා, තැන් තැන්වල මිනිසුන් මරලා ශ්‍රී ලංකාව නමැති දූපත් රාජ්‍යය ඛේදජනක ඉරණමකට මුහුණ දී සිටිනවා.”

https://www.cnbc.com/2022/06/30/imf-sri-lanka-bailout-talks-end-without-a-deal.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!