බස් ගාස්තු අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 22%කින් ඉහළ දැමීමට කටයුතු කර තබේ.
ජාතික ගමනාගමන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩෝ සඳහන් කරන්නේ ඒ අනුව අවම බස්ගාස්තුව රුපියල් 40.00ක් වන බවයි.
“බස් ගාස්තුව සෑම වර්ෂයක ම ජූලි මස 01 වැන දා සංශෝධනය කිරීමට බස් ගාස්තු සංශෝධනයට අදාළ ජාතික ප්‍රතිපත්තිය අනුව කටයුතු කරනවා. නමුත් මේ වර්ෂයේ අවස්ථා 04ක දී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවුණා. එහි දී නිර්ණායකය වුණේ ඉන්ධන මිල ඉහළ යාම පමණයි. නමුත් මෙවර වැඩි කරන්නේ ඉන්ධන මිලට අමතරව තවත් කරුණු 12ක් සැළකිල්ලට ගනිමින්.”
ඔහු පවසන්නේ එම ගණනය කිරීමට අනුව 32.04%කින් ගාස්තු වැඩි කළ යුතු බවයි. නමුත් මෙවර එය වැඩි කර ඇත්තේ 22%කින් පමණක් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.