spot_img
spot_imgspot_img

ජනතා සල්ලි බිලියන ගණනක් කා දැමූ, විදුලි වංචාවක් අනාවරණය වෙයි

පුවත්

විදෙස්

ඇඹිලිපිටියේ ඒස් පවර් බලාගාරයේ විදුලිය මිල දී ගැනීමේ දී ලංකා විදුලි බල මණ්ඩලය විසින් රුපියල් බිලියන ගණනක් රජයට පාඩු කර කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

ඊයේ (10) ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවූ අවස්ථාවේ දී මේ බව අනාවරණය විය.

2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා එම බලාගාරයේ නිෂ්පාදිත විදුලිය මිල දී ගැනීමේ දී බලාගාරය සඳහා අදාල සමාගම ආයෝජනය කළ මුදල ද ගෙවා නිමවන ලෙස ගිවිසුම් අත්සන් කරමින් ඒ සඳහා පොළී මුදලක් ද තීරණය කර විදුලි ඒකක අධි මිලකට මිල දී ගෙන තිබේ.

කෝප් කමිටුවේ දී ඊයේ (10) හෙළිදරව් වී ඇත්තේ එම මුදල 2015 වර්ෂයේ දී සම්පූර්ණයෙන් ම ගෙවා අවසන්ව තිබිය දී පවා මේ දක්වාම අදාල මුදල ගෙවන බවයි. ඒ අනුව ශ්‍රී ලංකා රජයට සිදුවූ පාඩුව ‍රුපියල් බිලියන ගණනකි.

මේ සම්බන්ධයෙන් ලේඛන සහ තොරතුරු රැසක් rata.lk සතුව පවතී. ඉදිරි දිනක අපි ඒ සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටියි.

විදුලි බල මණ්ඩලය තුළ ඉංජිනේරුවරුන්ගේ ඒකාධිකාරියක් ක්‍රියාත්මක වන බවත් මේ සියලු අර්බුද සහ වංචා දූෂණවලට ඉංජිනේරු මාෆියාව වගකිව යුතු බවත් බොහෝ දෙනකු නගන චෝදනාවකි.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරු වර්ග තුනක් සිටිති. විදුලි ඉංජිනේරුවරු, යාන්ත්‍රික ඉංජිනේරුවරු, සිවිල් ඉංජිනේරුවරු වශයෙන් සිටින අතර ඒ අතරින් වැඩිම පිරිසක් වූ 1,000කට වැඩි සංඛ්‍යාවක් සිටින්නේ විදුලි ඉංජිනේරුවරුය. ඔවුන් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තියට අමතරව ගිණුම් අංශයේ පවා බලය අල්ලාගෙන සිටින අතර සම්පූර්ණයෙන් ම එහි තීන්දු තීරණ ගැනීමේ බලය රඳවාගැනීමට කටයුතු කර තිබේ.

තරඟකාරී මිල කැඳවීමක් අවශ්‍යයැයි ද නව විදුලි බල සංශෝධනයෙන් එය ඉවත්වනවා යැයි ද චෝදනා කරමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැඳවීමට ද විදුලි ඉංජිනේරුවන් කටයුතු කළ ද ඒස් පවර් ඇඹිලිපිටිය සමාගම එවැනි තරඟකාරී මිල ගණන් යටතේ විදුලිය මිල දී ගත් සමාගමක් නොවේ.

මේ සියල්ලට හේතුව විදුලි බල මණ්ඩලයේ ක්‍රියාත්මක ඉංජිනේරු මාෆියාව බව බොහෝ දෙනකුගේ අදහස වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!