ජගත් පරිසර දිනයේ ශ්‍රී ලංකාවේ ජාතික උත්සවය හෙට (05) ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ දී පැවැත්වීමට කටයුතු කර ඒ සඳහා මාධ්‍ය ආවරණ පවා ඉල්ලා තිබුණ ද දැන් එම උත්සවයෙන් ජාතික යන කොටස ගලවා දමා තිබේ.
එලෙස ජාතික කෑල්ල ගලවා දැමීමෙ සැබෑ හේතුව උත්සවය සංවිධානය කරන නිලධාරීන්ට පවා සඟවමින් බලධාරීන් දැන් බොරු කියමින් සිටියි.
ඔවුන් පවසන්නේ ගාල්ලේ පැවැත්වෙන උත්සවය ජාතික උත්සයයක් ලෙස නම් කරන ලද්දේ වැරදීමකින් බවයි. එය ද දිස්ත්‍රික් මට්ටමෙන් පැවැත්වෙන සාමාන්‍ය උත්සවයක් පමණක් බව ද ඔවුන් දැන් පවසයි.
පරිසර අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද මෙම උත්සවය හෙට (05) උදේ 8.45 සිට සවස 3.00 දක්වා පැවැත්වීමටත්, වෙරළාරක්ෂිත පරිසරයේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත්කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් සැළසුම් කර තිබිණි.
මේ උත්සවය සඳහා ආරාධනා පත්‍ර යවා ඇත්තේ ද අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහගේ අත්සනෙනි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මේ සම්බන්ධ ප්‍රචාරයක් ඉල්ලා යවන ලද ලිපියේ ද සඳහන් කර ඇත්තේ ගාල්ලේ පැවැත්වෙන්නේ ජගත් පරිසර දින
නමුත්, ජාතික උත්සවයක් ලෙස මෙය පැවැත්වීමට සංවිධානය කර තිබුණ ද ජනතාවට බිහෙන් හැංඟී සිටින දේශපාලකයන් දැන් පොදු උත්සව සියල්ල මඟහරිමින් සිටින බැවින් ඔවුන් කිසිවෙකුගේ සහභාගීත්වය හෙට උත්සවයට ලැබෙන්නේ නැත. ඒ හේතුවෙන් දැන් පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙය ජාතික උත්සවයක් නොවන බවයි.
නමුත්, පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ හෙට ගාල්ලේ පැවැත්වෙන පරිසර උත්සවයට අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ ඇතුළු උසස් නිලධාරීන් සියලු දෙනා සහභාගී වන බවයි.
මේ වනවිට උත්සවයේ සංවිධායකයන්ට බොරු කියමින් ජාතික කෑල්ල ලිපිවල සහ ආරාධනා පත්‍රවල සඳහන් වූයේ වැරදීමකින් යැයි කියන නිලධාරීන් ම ජාතික උත්සවය පැවැත්වෙන ස්ථානයක් ගැන කියන්නේ නැත.
කෙසේ වෙතත්, පරිසරය සංරක්ෂණයට ගත යුතු ක්‍රියාමාර්ග පසෙක තිබිය දී මෙවැනි ඊනියා උත්සව සංවිධානය කිරීම නොකළ යුතු බව පරිසරවේදීන්ගේ මතයයි. පරිසර අමාත්‍යාංශය ඇතුළු පරිසර සංරක්ෂණ කාර්යයට අදාල බොහෝ රාජ්‍ය ආයනවලට පරිසර දින යනු හුදෙක් මුදල් වියදම් කර නිලධාරීන්ට අමතර මුදලක් අතට ලැබෙන උත්සවයක් පමණි. එවැනි ඊනියා උත්සව නැවතී යාම නම් වඩාත් සුදුසු බව පරිසරවේදීහු කියති.
පරිසර දිනය යනු පරිසර අමාත්‍යාංශයට සෝඩා බෝතලය කැඩුවා වැනි දෙයක් බව දශක ගණනාවක් තිස්සේ මෙරට දින සැමරුම්වල අත්දැකීම් සනාථ කරයි.
