spot_img
spot_imgspot_img

චීන ප්‍රහාරක යානා තායිවාන ගුවන් කලාපයට ඇතුළු වෙයි

පුවත්

විදෙස්

තායිවානය පවසන්නේ චීනය විසින් සිය ගුවන් කළාපයට එවන ලද ප්‍රහාරක යානා 30කට අනතුරු ඇඟවීම සඳහා ප්‍රහ‍ාරක ජෙට් යානා යෙදවූ බවයි. සඳුදා සිදුවූ මෙම සිදුවීම ජනවාරි මාසයෙන් පසු සිදුවූ විශාලතම ආක්‍රමණය සනිටුහන් කළේය.

තායිවානය ආක්‍රමණය කිරීමට එරෙහිව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් චීනයට අනතුරු ඇඟවීමට දින කිහිපයකට පසුව එය සිදු වූ අතර, එක්සත් ජනපද නිලධාරියෙකු තායිවාන නායකයින් සමඟ ආරක්ෂාව සම්බන්දව සාකච්ඡා කිරීමට දිවයිනට පැමිණි දිනයේම එය සිදුවිය.

පුහුණු අභ්‍යාස යැයි පවසමින් චීනය මෑත මාසවල සිය ගුවන් මෙහෙයුම්වල වාර ගණන වැඩි කර ඇත. එවැනි පියවර තායිවානය කෝපයට පත් කර ඇති අතර කලාපයේ ආතතීන් වැඩි කර ඇත. තායිවානය යනු, අවශ්‍ය නම් බලහත්කාරයෙන් අල්ලා ගත හැකි ප්‍රදේශයක් ලෙස චීනය විශ්වාස කරයි.

නවතම සිදුවීමට ප්‍රහාරක යානා 22 ක් මෙන්ම ඉලෙක්ට්‍රොනික යුධ, පූර්ව අනතුරු ඇඟවීම් සහ සබ්මැරීන් නාශක ගුවන් යානා ද ඇතුළත් බව තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය විසින් සපයන ලද සිතියමකට අනුව, තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයේ (ADIZ) කොටසක් වන ප්‍රාටාස් දූපත් වලට ඊසාන දෙසින් පිහිටි ප්‍රදේශයක චීන ගුවන් යානය පියාසර කර ඇත.

එහෙත් එම ගුවන් යානා තායිවානයේ ගුවන් සීමාව තුළට නොපැමිණි නමුත් එය සතුරු ක්‍රියාවක් ලෙස සැලකේ.

ADIZ යනු රටක භූමියෙන් සහ ජාතික ගුවන් සීමාවෙන් පිටත ප්‍රදේශයක් පිහිටි නමුත් ජාතික ආරක්ෂාව සඳහා විදේශීය ගුවන් යානා හඳුනාගෙන, අධීක්ෂණය සහ පාලනය කරනු ලබන ප්‍රදේශයකි. එය ස්වයං-ප්‍රකාශිත වන අතර තාක්ෂණික වශයෙන් ජාත්‍යන්තර ගුවන් අවකාශය ලෙස පවතී.

තායිවානය වසරකට වැඩි කාලයක් තිස්සේ චීන ගුවන් යානා තම ජාත්‍යන්තර ගුවන් අවකාශය වෙත පියාසර කරමින් සිටින බව වාර්තා කර ඇත.

විශ්ලේෂකයින් මීට පෙර කියා සිටියේ මෙම ආක්‍රමණය තායිවාන රජය විධිමත් ස්වාධීන ප්‍රකාශයක් කරා ගමන් කිරීමට එරෙහිව අනතුරු ඇඟවීමක් බවයි.

බෙයිජිං පාලනය අතීතයේදී පවසා ඇත්තේ අභ්‍යාස, සිය ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම සඳහා සකස් කර ඇති බවයි.

ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් පසුගිය සතියේ අවසන් වූ සිය ආසියානු සංචාරයේදී ගුවන් ආක්‍රමණ ගැන සඳහන් කළේය. චීනය තායිවානයට ඉතා ආසන්නව ගුවන් යානා මෙහෙයවමින් මේ වන විටත් අනතුරට අතවනමින් සිටින බව ඔහු පැවසූ අතර, චීනයට සිය ප්‍රබල අනතුරු ඇඟවීම නිකුත් කළේය. චීනය, තායිවානය ආක්‍රමණය කළහොත් එක්සත් ජනපදය මිලිටරි ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව හෙතෙම පැවසීය.

ඔහුගේ වචන තායිවානය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ දිගුකාලීන ප්‍රතිපත්තියේ වෙනසක් සලකුණු කරන බව පෙනී යන බව විචාරකයෝ පවසති.

චීනයේ හමුදාව පසුගිය සතියේ කියා සිටියේ තමන් මෑතකදී තායිවානය වටා අභ්‍යාසයක් පැවැත්වූයේ එක්සත් ජනපදය සමඟ ඇති “හවුල්කාරීත්වයට” එරෙහිව “ගාම්භීර අනතුරු ඇඟවීමක්” ලෙස බවයි.

සඳුදා ආක්‍රමණය සිදු වූයේ තායිවාන ජනාධිපති ට්සායි ඉන් වෙන් සමඟ කලාපීය ආරක්ෂාව සහ වෙළඳාම පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද සෙනෙට් සභික ටැමී ඩක්වර්ත්, තායිපේ වෙත සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේදීය.

https://www.bbc.com/news/world-asia-61642217

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!