spot_img
spot_imgspot_img

උද්ධමනය වැඩි වෙද්දී කොටස් වෙළෙඳ පොළත් ඉහළ නගී

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාාවේ පසුගිය අප්‍රේල් මාසය තුළ නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලද උද්ධමන අනුපාතිකය 32%ක් ඉක්මවා ඇත. සත්‍ය අගයන් ඊට වඩා ඉහළ අගයක් වනු ඇතැයි මූල්‍ය ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග තහවුරු කරයි. කෙසේ වෙතත් ඉහළ උද්ධමනයක් ඇති අවස්ථාවන්හි දී ස්ථාවර තැන්පතු මගින් ලබාගන්නා ලාභයට වඩා වැඩි ලාභයක් කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කිරීමෙන් ලබාගගත හැකියැයි පවසන බැවින් සහ දැන කොළඹ කොටස් වෙළෙඳ පොළ පවතින මිල ගණන් කොටස් මිලදී ගන්නා නව ආයෝජකයන්ට පහසු අගයක පවතින බැවින් කොටස් වෙළෙඳ පොළ ඉදිරියේ දී ඉහළ යනු ඇතැයි විශ්වාසය පළකරයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (23) දිනයේ ගනුදෙනු 23,569ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,730ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 208කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,474ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1030
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම ‍රුපියල් මිලියන 465
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 267

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 50
  • එස්එන්බි ලීසිං සමාගම (X) කොටස් මිලියන 28
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 26

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එච්එන්බී ෆිනෑන්ස් සමාගම (x) 25%
  • අමානා ලයිෆ් සමාගම 23%
  • සිට්‍රස් හික්කඩුව සමාගම 22%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 468
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 292
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් බිලියන 196

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 42ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 68කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 26ක ආයෝජනය අද දිනයේ ඉවත්කරගෙන තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 12
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 04
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 3.9
  • සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් රුපියල් මිලියන 2.9
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් රුපියල් මිලියන 2.5

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 32
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 06
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 05
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 3.7
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 3.4

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!