spot_img
spot_imgspot_img

පාර්ලිමේන්තුවේ ඔත්තු බැලුවා යැයි, තරුණයකු අත්අඩංගුවට

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයට ආසන්න අධි ආරක්ෂිත කලාපයට අනවසරයෙන් ඇතුළු වී ඔත්තු බලමින් සිටියේ යැයි සැකපිට තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුවේ පදිංචි තරුණයෙකි. මොරටුවේ සිට පා පැදියකින් පැමිණ ඇති ඔහු පාර්ලිමේන්තුව අසළ අධි ආරක්ෂිත ජල තීරයට වැටකින්ද පැන ඇතුළු වී සිටි තලංගම පොලිසිය පවසයි.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොතරුක් අනුව දැඩි පරිශ්‍රමයක් යොදමිනි.

එම ස්ථානයට ඇතුළුවීමේ හේතුව පැවසීමට තරුණයා අපොහොසත් වී ඇති බවත් ඔහුගෙන් දිගටම ප්‍රශ්න කරගෙන යන බවත් පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුගේ හැසිරිම නිරීක්ෂණය කිරීම සඳහා එම ප්‍රදේශයේ ඇති සීසීටීවී කැමරා පද්ධතිය ද නිරීක්ෂණය කරන බව පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!