spot_img
spot_imgspot_img

ඇමතිවරු 10ක් පත්කර, පළමු කැබිනට් රැස්වීම අද

පුවත්

විදෙස්

අමාත්‍යවරු 10 දෙනකු අද (23) දිවුරුම් දීමට නියමිත අතර ඔවුන් දිවුරුම් දීමෙන් පසු සවස රනිල් – ගෝඨාභය රජයේ පළමු කැබිනට් රැස්වීම පැවැත්වීමට ද නියමිතව තිබේ.

මේ වනවිට කැබිනට් අමාත්‍යවරු 13 දෙනකු දිවුරුම් දී සිටින අතර රජයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද ඇතුළුව කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 25කට සීමා කරන බැවින් තවත් 10 දෙනකු කැබිනට් අමාත්‍යධූරයන් හි දිවුරුම් දෙන බවයි.

පළමු කැබනට් රැස්වීම සඳහා 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරන බව ද රජයේ ආරංචිමාරග සඳහන් කරයි. කෙසේ වෙතත් එම සංශෝධනය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ එරෙහි වූ බවත්, එය නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යොමුකරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ඊයේ (22) රාත්‍රී ප්‍රචාරය විය.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂෂ විසින් අදාල ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර තිබූ අතර එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පතක් ලෙස සකස් කර තිබිණි.

මෙම නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව විධායක ජනාධිපති ධූරයේ බලතල අඩුකිරීම, ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීම වැළැක්වීම, රාජ්‍ය ආයතන විගණනයට යොමු කිරීම වැනි කරුණු ඇතුළත්ව තිබේ. එමෙන් ම ස්වාධීන කොමිෂන් සභාවල බලතල ඉහළ  නැංවීම මෙන් ම තවත් ස්වාධීන කොමිෂන් සභා කිහිපයක් පිටුවීම ද එම සංශෝධනයට ඇතුළත්ය.

ඊයේ ප්‍රචාරය වූයේ තවමත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය මෙම ව්‍යවස්ථා සංශෝධනයට නොලැබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!