spot_img
spot_imgspot_img

බන්ධනාගාරගත වී සිටි පිරිසකට නිදහස ලැබෙයි

පුවත්

විදෙස්

බන්ධනාගාරගත කර සිටි සිරකරුවන් 244 දෙනකුට අද (15) වෙසක් පොහොය නිමිත්තෙන් නිදහස ලබා දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක පවසන්නේ පිරිසකට නිදහස සහ තවත් පිරිසකට පොදු සමාව හිමිව ඇති බවයි.

ඊයේ දිනය දක්වා බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන්ට සරකට දින 14 බැගින් පොදු සමාව පිරිනමා ඇති අතර දඩමුදල් ගෙවාගත නොැකිව සිටි සිරකරුවන්ගේ ඉතිරි දඬුවම් ශේෂය අහෝසි කිරීම, වයස අවුරුදු 65 ඉක්මවූ සිරකරුවන්ගේ දඬුවම් අතරින් හරි අඩක් ඩුකිරීම සහ අඩකට වඩා වැඩි කාලයක් දඬුවම් විදිමින් සිටි අයගේ ඉතිර කොටස ‍අහෝසි කිරීම සහ ‍මහාධිකරණයෙන් වසර 40කට හෝ ඊට වැඩි සිරදඬුවමක් නිය ම වී ඉන් වසර 20ක් ගෙවා අවසන්නම් ඉතිරි කොටස අහෝසි කිරීම යන පදනම යටතේ මෙම සමාව ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!