spot_img
spot_imgspot_img

මහින්ද, නාමල්, ජොන්ස්ටන්, දේශබන්ධු ඇතුළු 17ක ගේ විදෙස් ගමන් තහනම්

පුවත්

විදෙස්

ගාලුමුවදොර ගෝඨාගෝගම සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගම සාමකාමී අරගල වලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාලව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොළිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඇතුලු 17 දෙනකුගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අද (12) නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව අදිරිමාන්න, කාංචන ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, සී.බී.රත්නායක, සම්පත් අතුකෝරාල, රේණුක පෙරේරා, සනත් නිශාන්ත, මහින්ද කහඳගම, නිශාන්ත ජයසිංහ, අමිත් අබේවික්‍රම, දුලිප් පෙරේරා, පුෂ්පලාල් කුමාරසිරි සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොළිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන අයගේ විදෙස් ගමන් තහනම් කෙරිණ.

මෙම පුද්ගලයන්ගේ විදේශ ගමන් තහනම් කළ බව ආගමන විගමන පාලකයාට දැනුම් දෙන ලෙසත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාරදෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් එහිදී වැඩිදුරටත් නියෝග කර තිබේ.

1 COMMENT

  1. ජනතාව සන්සුන් කිරීමට රනිල් ගේ උපදෙස් මත ගත් ක්‍රියාමාර්ගයක් විය නොහැකි ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!