spot_img
spot_imgspot_img

අමාත්‍යාංශ වාහනයකින් ආ මැරයෝ, වෛද්‍ය සිසුන්ට පහරදෙති

පුවත්

විදෙස්

අමාත්‍යාංශ වාහනයකින් පැමිණ අද (02) උදෑසන රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයකට කඩා වැදුණු පිරිසක් පහර දීමෙන් වෛද්‍ය සිසුන් හතර දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූ හතර දෙනාගෙන් තිදෙනකු රාගම රෝහලටත්, එක් සිසුවෙක් මීගමුව දිස්ත්‍රික් රෝහලටත් ඇතුළත් කරනු ලැබ සිටියි.

ශිෂ්‍යයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක දී එක් පාර්ශවයකට සහය දැක්වීම සඳහා මේ පිටස්තර පිරිස පැමිණ ඇති අතර එලෙස පැමිණි කණ්ඩායම 15 දෙනකු පමණ වන බවත් වාර්තා වේ. පහරදීමට පැමිණි බව කියන පුද්ගලයකු සහ රථයක් රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ රියදුරු බවත්, ඔහු පැමිණ ඇත්තේ අමාත්‍යාංශයේ වාහනයකින් බවත් අනාවරණය වී ඇත. පහරදීම සඳහා පැමිණි අනෙක් වාහනය පිළිබඳ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මීගමුව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින්නේ මෙලෙස පිටස්තර පුද්ගලයන් වෛද්‍ය පීඨය වෙත රැගෙන ආ සිසුවා බව ද පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!